තමන් විසු මහල් නිවසේ හටගත් ගින්නෙන් සිය දරුවන් තිදෙනා හා බිරිඳ බේරා ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කළ මහනුවර නාමනාදන් රාමරාජ් මහතා වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
වෘත්තියෙන් කනකර ආභරණවල රන් ආලේප කරන්නකු වන නාමනාදන් මහතාගේ නිවස ගිනි ගැනීම හේතුවෙන් ඒ මහතාගේ ජීවනෝපාය මාර්ගය ද ඇණහිටි අතර එම යන්ත්‍ර යළි මිලදී ගැනීම ඇතුලු පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් ඒ මහතා වෙත රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කර තිබේ.