වසර 50 කට අධික දිගු ඉතිහාසයක් සහිත අපේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සංස්කෘතික නිලධාරීන් ඇතුළු ශිල්පීන්ගේ ගැටලූ නොවිසඳීම හේතුවෙන් ඔවුන් වෘත්තීමය වශයෙන් දැඩි පීඩාවකට පත්ව ඇත.
මෙතෙක් සිටි ජනාධිපතිවරු, ඇමතිවරු මෙන් සංස්කෘතික විෂයභාර ඇමතිවරු, සංස්කෘතික විෂය දේශපාලන ප්රතිරූප පුම්බා ගැනීමේ අරමුණෙන් පමණක් යොදාගත්තා හැර, සැබෑ ලෙස ලාංකේය සංස්කෘතික කෙත අස්වැද්දවීම සඳහා අවශ්‍ය මැදිහත්වීමක් නොවූ බව පිළිගත යුතු සත්‍යයකි. සංස්කෘතික විෂය හරහා තම තමන්ගේ ආගමික හා ජාතිකත්ව අනන්‍යතාවයන් හුවා දැක්වීමට දරන උත්සාහයන් හැර රටේ බහුවිධ සංස්කෘතික අනන්‍යතාවයන් රටේ සංවර්ධනයට යොදා ගනිමින් ලාංකේය සංස්කෘතික අනන්‍යතාවයක් ගොඩනැංවීමට පාලකයන් අසමත්ව ඇත.
රටට ම වගකිව යුතු සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කාර්යභාරය හා වගකීම ඉටු කරන සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ වෘත්තීය ගැටලූ වසර ගණනාවක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින අතර පාලකයින් හා බලධාරීන් වගකීම් විරහිතව කටයුතු කරමින් සිටී.
වසර 20 කට අධික කාලයක් තිස්සේ සේවක ගැටලූ ඉදිරිපත් කරමින් පැවතිය ද මෙතෙක් පැවති කිසිදු ආණ්ඩුවක් හා බලධාරීන් ඒ සඳහා විසඳුමක් ලබා දී නොමැත.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික නිලධාරීන් ඇතුළු ශිල්පීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදුව නතර කර අදාළ ඉල්ලීම් වහා ලබාදෙන ලෙස බල කරමින් වෘත්තීය ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සංස්කෘතික සේවක එකමුතුව තීරණය කර ඇත.
1. සංස්කෘතික නිලධාරීන් සඳහා පැවති උසස්වීම් පටිපාටිය යළි ක්‍රියාත්මක කිරීම.
2. 2005 බවා ගත් සංවර්ධන සහකාර ( සංස්කෘතික ) නිලධාරීන් දෙපාර්තමේන්තුගත කර සංස්කෘතික නිලධාරීන් ලෙස සේවයේ පිහිටුවීම.
3. පරිවාස සේවාකාලය අවසන් කර ඇති රාජ්‍ය නර්තන ශිල්පීන් හා රාජ්‍ය සංගීත ශිල්පීන්ගේ පත්වීම් වහා ස්ථීර කිරීම.
4. පරිවර්තක ගමන් වියදම් දීමනාව රු.10000 ක් දක්වා ඉහළ දැමීම.
ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් උද්ඝෝෂණයක් අද 02 (බදාදා) පෙ. ව. 11.30 ට බත්තරමුල්ල සෙත්සිරිපාය ඉදිරිපිට දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.