පකිස්තානය සහ ශ්රී ලංකා කණ්ඩායම අතර කරච්චි හිදී අද පැවති දෙවැනි එක්දින තරගයේ ලකුණු 67ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වීමත් සමග තරග 3 කින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සත්කාරක පාකිස්තානය සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුළු 7ක් දැවී ලකුණු 305 ක් ලබාගත්තේය. පන්දුවාර 46යි පන්දු 5කදී ශ්රී ලංකා කණ්ඩායමට සියල්ලන් දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 238ක් පමණි.
ශ්රී ලංකා මුල් පෙළ පිතිකරුවන් පස්දෙනෙකුම ලකුණු 28 ක් තුළ ක්රීඩාගාරයට හරවා යැවීමට පකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.
ශ්රී ලංකා ඉණිමේ හයවන කඩුල්ල වෙනුවෙන් ශෙහාන් ජයසූරිය සහ දසුන් ශානක කිසිවෙකු නොසිතූ පරිදි ලකුණු 177 ක සබඳතාවක් ගොඩනගන්නේ වාර්තාද අලුත් කරමිනි. සිය පෞද්ගලික හොදම ලකුණු ලෙසත් පකිස්තානය තුළ පිතිකරුවන් යුගලයක් හයවන කඩුල්ල සඳහා ගොඩනැගු ඉහළම ලකුණු සබඳතාව ලෙසත් වාර්තා අතරට එක්විය.
මීළඟ තරගය හෙට (2) සවස 3.30ට ආරම්භ වීමට නියමිතය.