ඉන්දිය නිදහස් සටනේ පුරෝගාමියා ලෙසත්, අවිහිංසාවාදයේ පියා ලෙසත් ලොව පුරා ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය නිමිති කර ගනිමින් සංවිධාන කළ විශේෂ සැමරුම් උලෙළක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රයට මල් දමක් පලඳවා පුෂ්පෝපහාර දැක්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
අනතුරුව ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා විසින් ද ජනාධිපතිතුමා අනුගමනය කරමින් මහත්මා ගාන්ධිතුමාගේ ආලේඛ්‍ය චිත්‍රය වෙත මල්දමක් පළදවා ගෞරව දක්වන ලදී.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ඇතුථ ශ්‍රී ලංකා සහ ඉන්දීය සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මහත්මා ගාන්ධිතුමාගේ 150වන ජන්ම දිනය හෙටට (ඔක්තෝබර් 02) යෙදී තිබේ.