Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අදත් කෝච්චි නෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වැටුප් විෂමතා ගැටළුවක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩව වැඩවර්ජනය පස්වන දිනටත්  වදුරටත් ක්‍රියාත්මක වෙයි.

දුම්රිය  වැඩ වර්ජනය නිසා අද කාර්යයාලය දිනයක් බැවින් දුම්රියෙන් තම රාජකාරි සදහා යාමට පැමිණි මගින් විශාල පිරිසක් දැඩි අසිරුතාවයට පත් වි සිටියා.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් දුම්රියෙන් පාසල් වලට පැමිණෙන සිසු සිසුවියන්ද දැඩි අසිරුතාවයට පත් වි සිටිහ.

දුම්රිය හා තැපැල් ඇතුළු සේවාවල වැටුප් විෂමතා ද ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය ඉකුත්දා ප‍්‍රකාශ කළේය.

නමුත් වෘත්තීය සමිති පවසන්නේ සිය ඉල්ලීම්වලට ස්ථිර විසදුමක් අද දිනයේ නොලැබුණ හොත් වර්ජන ක‍්‍රියාමාර්ග අඛණ්ඩව සිදුකරන බවයි.

දුම්රිය වෘත්තීය සමිති අපේක්ෂාවෙන් බලා සිටි කැබිනට් අනුකමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි.

එහිදී ලැබෙන තීරණය මත වැඩවර්ජනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති සදහන් කරයි.

 

Scroll to Top