දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගුගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද(30) දිනයේ දීත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ බොහෝ ප්රදේශවයලට සවස 02.00න් පමණ පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි අපේක්ෂා කෙරේ.
අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ද උතුරු මැද, මධ්‍යම සහ ඌව යන පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මීටර 75ක් හෝ 100ක තරම් තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.