Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වරුෂාව අදත් හරස්වෙයිද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කරච්චිහි ජාතික ක්‍රීඩාංගණයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානු පිල අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද පස්වරු 3.30ට  පැවැත්වීමට නියමිතය. වර්ෂාව හේතුවෙන් එම ක්‍රීඩාංගණයේ පසුගිය සිකුරාදා (27) පැවැත්වීමට නියමිතව තිබූ පළමු තරගය ද අතහැර දැමීමට සිදුවිය.

කොළ පැහැයෙන් යුත් කරච්චි තණතිල්ල වේග පන්දු යවන්නන්ට වඩාත් වාසිදායක හෙයින් හා රාත්‍රී කාලයේ පිනිබර කාලගුණික තත්ත්වයක් ඇති හෙයින් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම වඩාත් සුදුසු තත්ත්වයක් බව විචාරක මතයවී තිබේ.

“හරි දේ කළ යුතුයි. තරගාවලිය ජයගන්න පුලුවන්. අපේ කණ්ඩායමේ පන්දු යවන්නන් එකිනෙකට වෙනස් ස්වරූපයෙන් විවිධත්වයෙන් යුතුව පන්දු යවනවා. ඒ වාසිය සමග පන්දු යැවීමේ හැකියාව ඇති ක්‍රීඩකයන් 7ක් අපේ කණ්ඩායමේ සිටිනවා. ඒ නිසා පන්දුවට පහරදීමේදී හොඳ ලකුණු ගණනක් ගන්න හැකියාව ලැබුණොත් පාකිස්තානයට පීඩනයක් දිය හැකියි. මා එක්දින තරගවලට පැමිණියේ 2017ට පසුවයි. නායකත්වය ලැබීම මා විශේෂයක් හැටියට සලකන්නේ නෑ. සියලු දෙනා එකමුතුව තබාගෙන වැඩ කළ යුතුයි. මට ලැබුණු සෑම අවස්ථාවකම උපරිමව කරනවා. කරච්චි තණතිල්ලේ පන්දු යවන්නන්ට හොද දෙයක් කළ හැකි බවට විශ්වාසයි” තිරිමාන්න පැවැසීය.

“මෙම සතියේ දැඩි වර්ෂාවක් බලාපොරොත්තු විය හැකියි…..”

“සිකුරාදා දැඩි වර්ෂාවක් ලැබුණා. ඒ හේතුවෙන් ක්‍රීඩාංගණය ජලයෙන් යට වුණා. එය යථා තත්ත්වයට පත්කිරීමට දින දෙකක් ඕන බව ක්‍රීඩාංගණය කාර්ය මණ්ඩලය පවසනවා” යැයි පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජාත්‍යන්තර ක්‍රිකට් අධ්‍යක්‍ෂ සකීර් ඛාන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

Scroll to Top