ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පාකිස්තානයේ කරච්චි ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (27) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩාංගණය වටා කිලෝමීටර තුනක පමණ ප්‍රදේශයක් ආරක්ෂක කළාපයක් ලෙස වෙන්කර ඇති බවත් ක්‍රීඩාංගණය වටා එම කළාපය තුළ ආරක්ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ස්ථානගත කර ඇති බවත් එම කළාපයේ ආරම්භයේ සිට මීටර 500 ක් දක්වා වාහන ධාවනය අත්හිටුවා ඇති බවත් වාර්තා වේ.
තරග තුනම දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට තරග ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියේ ආරක්ෂාව සඳහා යුද හමුදා සහ පොලිස් නිලධාරීන් 8000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව පාකිස්තානු ක්‍රිකට් බලධාරීන් සදහන් කරයි.