දිවයිනට බලපා ඇති අයහපත් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් 20,815කට අයත් පුද්ගලයින් 80,007 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය.
43000කට අධික පිරිසක් පීඩාවට පත් ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ ය.
කළු, ගිං සහ නිල්වලා යන ගංගා වල සහ අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර දකුණ හා සබරගමුව පළාත්වලට තවදුරටත් මිලිමීටර් 100කට අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යම හා වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බව ය.
දැනට පවතින තද වැසි තත්ත්වය හෙට දිනයෙන් පසු අඩු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ සඳහන් කරයි.
පුර්ව නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කල ගාල්ල, මාතර, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල නාය යාමේ අනතුරු ඇඟවීම් අද (25) සවස දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.