Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(24) දිනයේත් දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200ට වැඩි අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කටුනායකට මිලිමීටර් 219ක වර්ෂාපතනයකුත්  වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 175ක වර්ෂාපතනයකුත්  හියාරේ ප්‍රදේශයට මිලිමීටර් 172ක වර්ෂාපතනයකුත්  පතිත වී ඇති බව සදහන් කරයි.

වයඹ, උතුර, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ද මිලිමීටර් 100ට වැඩි වර්ෂාපතනයක් බලපාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට දැනට පවතින වැසි තත්වය හෙට(25) රාත්‍රී කාලය දක්වා තවදුරටත් පවතිනු ඇතැයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ බොහෝ පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.

එසේම ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුලං ද ඇතිවිය හැකි අතර, අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට ද අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දැනුම් දෙයි.

දිවයිනට බස්නාහිර,දකුණ හා ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ද තද සුළං ඇතිවිය හැකිය. සුළඟේ වේගය පැයට කිලෝ මීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ ඉහළ යා හැකිය.

 

සබැඳි පුවත්

 

කොළඹ මාර්ග ජලයෙන් යටවෙයි – දැඩි වාහන තදබදයක්

– කාලගුණය අයහපත් – අවදානම් නිවේදන – පාසැල් වැසෙයි

– නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)

– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්

– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්

– ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්

– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්

– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට

– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්

 කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට

– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට

– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල

– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි

– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන

– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට ‌‌වෙයි

– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී

– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි

– අධික වැසි අනතුරු ඇගවීම්

 

#wetheralert #weather warning siren #weather warning alert #weather warning today #weather warning broadcast #bad weather warning #code red weather warning #extreme weather warning
Scroll to Top