ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග ගණනාවක් ජලයෙන් යට වී තිබේ.ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇත.
පොලීසිය සඳහන් කළේ, කොළඹ ආමර් බාබර් හංදිය ප්රදේශය , කොටහේන ජින්තු පිටිය හන්දිය, බ්ලූමැන්ඩල් ජෝර්ජ් ආර්. සිල්වා හංදිය, ජේතවන පාර ප්රදේශය, බේස්ලයින් පාරේ රොබට් ගුණවර්ධන හන්දිය සහ දෙමටගොඩ අලි දෙන්නා පන්සල අසල මාර්ග ජලයෙන් යටවී ඇති බවයි.
රථ වාහන ධාවනයට බාධා මතුව ඇති අතර විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.
අධිවේගි මාර්ගයේ වැලිපැන්න පිවිසුමත් මේ වන විට ජලයෙන් යටවී තිබේ. කුඩා වාහනවලට අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.