පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හෙට (24) සහ අනිද්දා (25) යන දිනයන්හිදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ සියලු පාසල් වසා තැබීමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර නියෝග කර තිබෙනවා.
ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ, කළු ගඟ සහ කැලණි ගඟේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බවත් පහත් බිම් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බවත් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. තවදුරටත් වැසි පවතින බැවින් ගංඟා ආශ්‍රිතව ගංවතුර අවදානම් ප්‍රදේශයන්හි ජීවත්වන පුද්ගලයන්ට විමසිල්ලෙන් සිටින ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.
රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ ඒ අවට ප්‍රදේශවලට නායයෑමේ අනතුරු ඇගවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කලවාන ප්‍රදේශයට ඉකුත් පැය 24 තුළ මිලිමීටර 75 කට වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් හෙට (24) රාත්‍රි 7 දක්වා බලපැවැත්වෙන පරිදි එම අවදානම් නිවේදනය නිකුත් කර ඇත.
ගාල්ල, කළුතර හා කෑගල්ල දිස්ත්‍රික්කවලටද නායයෑම් පිළිබද අවදානම් නිවේදනය හෙට රාත්‍රී 7 දක්වා දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කරයි.
දිස්ත්‍රික්කයන්හි නාය යාමේ අවදානම් සහිත ස්ථානවලින් හැකි ඉක්මණින් ඉවත්වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය අනතුරු අඟවයි.
සබැඳි පුවත්
-නිල්වලා ජල මට්ටම ඉහළට – අවවාදාත්මක නිවේදන – අයෙකු මරුට(PHOTOS)
– මි.මී.150 ට වැඩි තද වර්ෂාපතනයක්
– පානදුගමට මහා ගංවතුර තත්ත්වයක්
-ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය වර්ධනයක් – ඉදිරියේදි වැසි වැඩිවීමක්
– නායයාමේ අවදානම් නිවේදනය තවදුරටත්
– අයහපත් කාලගුණයෙන් 6731දෙනෙකු පීඩාවට
– නිල්වලා ගඟත් පිටාර මට්ටමට – කන්දක් නාය යයි-36ක් අවතැන්
– කොත්මලේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල ධාරිතාව පිටාර මට්ටමට
– කැලණි, කළු සහ ගිං ජල මට්ටම් ඉහළට
– පන්නලට ටොනාඩෝවක් – විදුලිය ඇණහිටි – පුද්ගලයින් 4කට තුවාල
– කැලණි ගඟේ ජල මට්ටම ඉහළට – ජනතාවට විමසිල්ලෙන් සිටින්න, දැනුම්දෙයි
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්