Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අකිල ධනංජයට වසරක තරග තහනමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයට අගෝස්තු මස 29 වනදා සිට 2020 වසරේ අගෝස්තු මස 29 වනදා දක්වා තරග තහනමක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විසින් පනවා තිබේ.

අයි.සී.සී.යේ නියමය පරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේදී අකිලගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයට භාජනය කරනු ලැබූවේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් සැක සහිත බවට නවසීලන්තයට එරෙහිව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය අතරතුර විනිසුරුවරුන් විසින් පැමිණිලි කරනු ලැබීමෙන් පසුවයි. එම පරීක්ෂණයේදි ඉරියව් නීතිවිරෝධී බවට තහවුරු වී තිබේ. ගාලු ටෙස්ට් තරගයේ නවසීලන්ත ඉනිම් 2දීම අකිලගේ පන්දු 6ක් සැක සහිත බවට විනිසුරුවරුන් සිය වාර්තාවෙන් පෙන්වා දී ඇත.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බවට පරීක්ෂණ මගින් දෙවරක් තහවුරු වී ඇති නිසා මෙම තහනම පනවා ඇත.

අකිලගේ තරග තහනම 2020 වසරේ අගෝස්තු මාසයේ 29 වැනිදා දක්වා බල පැවැත්වෙයි.

 

Scroll to Top