අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් එක්සත් ජාතික පක්ෂය පූමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලබන බදාදා (25) පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල අනුමැතිය අනුව නම් කිරිමට නියමිතව ඇතැයි පැවැසේ.
ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණ සාකච්ඡාවක ප්‍රථිපලයක් ලෙස අවසන් එකගතාවයකට පැමිණි ඇත.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම සදහා පිටරට ගොස් සිටින මැති ඇමතිවරු දිවයිනට කැදවන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය.
ජනාධිපති අපේක්ෂකත්වයට ඉල්ලුම් කර ඇති දෙදෙනාම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් වන අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මෙන්ම කතානායක දේශබන්දු කරු ජයසූරිය යන අපේක්ෂකයින් දෙදෙනා වෙති.
ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබද අවසන් තීන්දුව (සෙනසුරාදා) වන විට තමන්ට ලැබිය යුතු බව සිවිල් සංවිධාන හා බහුජන සංවිධාන කෘත්‍යාධිකාරි මණ්ඩල වෙත දැනුම් දෙයි.