Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලක්ෂ පහකට ඇඩ්‍රස් නැහැ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලාංකිකයකු බව තහවුරු කිරීම සඳහා තිබෙන ලියකියවිලි අතරින් ප්‍රධාන වන්නේ ජාතික හැඳුනුම්පතයි.  වයස අවුරුදු දහඅට සම්පූර්ණ වූ සැවොම ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සිදු කරන්නේය. ඒ අවශ්‍ය විටකදී තම අනන්‍යතාව තහවුරු කර පෙන්වීමට ඒ තුළින් හැකියාව ලැබෙන බැවිනි.

අනන්‍යතාව තහවුරු කරගැනීමට නොහැකි ලක්ෂ පහකට අධික පිරිසක් මෙරට සිටින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි. ඔවුන් මෙම සොයාබැලීම සිදුකර ඇත්තේ පසුගිය වසරේ ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගනිමිනි. එහිදී ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි ඡන්ද හිමි සංඛ්‍යාවගෙන් කීදෙනකු තම හැඳුනුම්පත් අංකය නාමලේඛනයට ඇතුළත් කර නැත්තේද යන්න පිළිබඳව ගණන් බලා ඇත්තේය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසන ආකාරයට ජාතික හැඳුනුම්පතක් නොමැති බවට සටහන් කරන පිරිසගෙන් ලක්ෂයකට ආසන්න පිරිසක් හිතාමතාම සිය අනන්‍යතාව සැඟවීමේ අරමුණින් ජාතික හැඳුනුම්පත ඉදිරිපත් නොකරන අයයි. මෙසේ ඇතැමුන් තම අනන්‍යතාව සඟවන්නේ යටි අරමුණක් ඇතිව බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ පවසයි.

Scroll to Top