රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනයට විරෝධය දක්වමින් වෛද්‍ය නිළධාරීන්ගේ පොදු සංගමය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ජාවේ දී එහි සභාපති වෛද්‍ය ගයාන් ගමගේ දැක්වු අදහස්,
“ නවක වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන වෛද්‍ය නිලධාරීන්ගේ පොදු සංගමයේ සභාපති ලෙස මම කටයුතු කරනවා. අද දිනයේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ලද වැඩවර්ජනය සදහා අපගේ දායකත්වයක් නැහැ.
අපගේ සාමාජික වෛද්‍යවරු 1200 ක් පමණ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සදහා දායකත්වය දක්වන්නේ නැහැ. GMOA එකේ ඉල්ලීම් ගැන අපේ විරුද්ධතාවයක් නැහැ. නමුත් එය ලබාගන්නා ආකාරය ගැන ප්‍රශ්නයක් තිබෙනවා. ඉල්ලීම් දිනා ගත යුත්තේ සුහද සාකච්ඡා මාර්ගයෙන්.
අපේ වෘත්තීය සමිතිය පිහිටුවීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවේ දී ඉතා හොද ප්‍රතිචාර ලැබුණා. අපේ ඉල්ලිම් ලබාදෙන්න අමාත්‍යවරයා කටයුතු කළා. ඉදිරියේදීත් අපි සාකච්ඡා මාර්ගයෙන් අපේ ගැටලු, ප්‍රශ්න විසදා ගැනීමට කටයුතු කරනවා.
රෝගීන් අපහසුතාවයට පත්වන ආකාරයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අපි යොමු වන්නේ නැහැ. ලංකාවේ ප්‍රධාන වෛද්‍ය සංගම් දේශපාලන න්‍යායපත්‍රයකට අනුව කටයුතු කිරිම නිසා පසුගිය කාලයේ වෛද්‍යවරුන්ට ලබාගැනීමට තිබූ වරප්‍රසාද ලබාගත නොහැකි තත්ත්වයකට පත් වුණා.
සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත හැකි දේ ගැටුම්කාරි තත්ත්වයන් දක්වා ගෙන යෑම එයට හේතුවයි. වෘත්තීය දේශපාලනීකරණයෙන් වැළකිලා අපගේ අයිතීන් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතුයි.
“අද වෛද්‍ය වර්ජනය පැවැත්වුවත් බොහෝ රෝහල්වල කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණා. ඇතැම් රෝහල්වල බාහිර රෝගී අංශවල යම් යම් ගැටලු තිබුනත්, සමස්තයක් ලෙස සාමාන්‍ය පරිදි කටයුතු සිදු කෙරුණා. ඒ නිසා GMOA වැඩවර්ජනය අද අසාර්ථක වැඩවර්ජනයක් වුණා කියලා කියන්න කැමැතියි.“
සබැඳි පුවත්