Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගරු කලයුතු නිදහසේ වීරයෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

නිදහස් ඉන්දියාවේ පීත්තෘත්වය කියන්නේ අති ගෞරවය සැලකිල්ලක්. මේ වගේ බුහුමන් ලබන්නට තරම් පෞරුශයකට උරුමකම් කියන්නට ලැබීම කොතරම් භාග්‍යයක්ද? සමහර වෙලාවට නිදහසේ වීරයන් බවට පත්වන්නේ අසීමිත වීර්යයකින් සටන් බිම මෙහෙයවූ නායකයන්. මොහොන්දාස් කර්ම්චාන්ද් ගාන්ධි තමුන්ගේ කෙසඟ එහෙත් ප්‍රතාපවත් සිරුරත් සමග අවිහිංසාව තියුණු කගපතක් සේ ගෙනයමින් නොනවතින අරගලයකට පසු ඉන්දියාවට නිදහසේ ආලෝකය ළඟා කර දුන්නා.

ලෝකය පුරා ඉතිරිවී සිටින අද්විතිීය වීරයන්ගේ මතක සටහන් කියවන විට හමුවන්නේ රටේ නිදහස් අරගලයට පසු ආර්ථීක හා සමාජයීය නවෝදය උදෙසා තමුන්ගේ මහජනතාව වෙනුවෙන් යළි දේශපාලන නායකත්වයක් ඔවුන් හරහා බිහිවන සියුම් ආකාරයයි. මහත්මා ගාන්ධි ඒ ගමන් මගින් වෙනස්ව දැවැන්ත ඉන්දියාවේ පරමාදර්ශය නැත්නම් ආත්මය බවට පත්වුණේ රටේ නායකත්වය ප්‍රතික්ෂේප කරමින්. සමස්ථ ඉන්දියාවම අද ගාන්ධි නම හමුවේ අවනත වෙනවා වගේම මුලූ ලෝකයම ඔහුගේ අසමසම දර්ශනයට ගරු කරන්නේත් බලය නොසැලකු ඒ පිළිවෙත නිසා බව කිිසිම විවාදයකින් තොරයි.

මහත්මා ගාන්ධි

වතාවක් මහත්මා ගාන්ධි කියා සිටි ඒ අදහස කියන්නේ තමන්ගේ උරුමය අනන්‍යතාවය ගැන කොයිතරම් දැඩි විශ්වාසයක් ඔහු තුළ තිබුණාද යන කාරණාවයි. මහත්මා ගාන්ධි කිව්වේ ලෝකයේ ඕනෑම තැනකින්, ඕනෑම සංස්කෘතියකටම මුහුවෙන්න ඉඩ ඇති ලෙස තමන්ගේ නිවසට නොඑසේනම් ඉන්දියාවට දොරටු විවෘත බවයි. බටහිර ඉගෙන ගෙන බටහිර සිරිත හොඳින් දත් ගාන්ධී එහෙම කියා සිටියේ එවැනි ඇවතුම් පැවතුම් කොතරම් හමා ගියත් තමන්ගේ දේශය හා බැඳුන තම මුල් ගලවා දමන්නට ඒ පවනට කිසිසේත් ඉඩ නොදෙන වග අඟවමිනුයි. ඒ අදිටන එදා මෙන්ම අදත් කියන්නේ වත්මන් ඉන්දියාවේ සාර්ථකත්වයේ රහසයි. ඉන්දියාව විවිධ සංස්කාතීන්, විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන විවිධ ආගම් අදහන රටක් වුවත් ලොව කොතැනකදී හෝ හමුවන ඕනෑම මිනිසකු වෙතින් ඉන්දියානුවෙක් යන අනන්‍යතාව හඳුනා ගත හැකිය.

මහත්මා ගාන්ධි බි්‍රතාන්‍ය අධ්‍යාපනය ලැබූ නීතිඥයෙක්. ඉන්දියාවේ එදා සංස්කෘතියට අනුව ගාන්ධි තරුණයා විවාහ වුණේ අවුරුදු දහතුනේදී, විවාහයට පසුසෙ වැඩි දුර ඉගෙන ගන්න එංගලන්තයට ගියා. එංගලන්තයේ ඉගෙනුම ලබන කාලයේදීම දකුණු අප්‍රිකාවේ වෙසෙන ඉන්දියන් සම්භයවයක් ඇති ජනතාව ගේ නිදහස වෙනුවෙන් පෙනී හිටි ගාන්ධි ලෝකයේ ඇති තතු දැනගෙන පෙරලා ඉන්දියාවට එන විට දැක්කේ දුප්පත්කමින් වෙලී යටත් ජාතියක් හැටියට දුක්විඳින තමුන්ගේ රටේ ගොවීන් හා කම්කරුවන්ගේ ජීවිතයයි. ඒ සිතිවිල්ලට පොහොර දමන ගාන්ධි යළි උපදින සිද්ධි හැටියට සැලකෙන්නේ දකුණු අප්‍රිකාවේදී ගාන්ධිට තුන්වැනි පන්තියේ මිස සුද්දන් සමග දුම්රියේ පළමු පන්තියේ යන්න දෙන්න බැරි බවට මතු වුණ ගැටුමක් බව ඔහු ගැන කියැවෙන හැම චරිතාපදානයකම කියැවෙනවා. ඒ එක්කම වතාවක් උසාවියේදී සුදු විනිසුරුවරයෙක් ගාන්ධිගේ ජටාව ඉවත් කරගන්න කියල නියම කළා. ගාන්ධි එයත් ප්‍රතික්ෂේප කළා.

ආපහු ඉන්දියාවට ඇවිත් කෙටි කාලයක් නීතිඥයකු හැටියට වැඩ කළත්, තමන්ගේ පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වුණත් ගාන්ධිගේ ඇගේ තිබුණේ ඉන්දියාව වෙනුවෙන් කැපවීමේ උරුමය, මේ නිසා තමන්ගේ රටේ ආධිපත්‍යය උදුරාගත් සුදු පාලකයන් ඉදිරියේ ඉන්දියානුවන් අසරණ වී සිටින බව වටහාගත් ගාන්ධි තරුණයා නිදහස් සටනට එකතු වුණා. ඒ මොහොතේදී ගාන්ධි දකින්නට ඇත්තේ තමන් උපතින් ඉන්දියාවේ ඉහළ පෙලපතකට අයත්ව බටහිර නායකයන් සමග කරට කර හැසිරුනත් අන්තිමේදී මවු බිමේදී දාසයන්ම නේද යන හැඟීම වෙන්න බැරි නැහැ. මෙන්න මේ අදහස හිතේ පැලවෙලා ඉන්දියාවේ නිදහස වෙනුවෙන් තැනින් තැන අරගල කරන ජන කොටස් සමග මුහු වුණ ගාන්ධි ඉන්දියන් ජාතික කොන්ග්‍රසයේ නායකත්වයට පත්වුණා.

ගාන්ධි තුළ තිබුණේ සරලත්වය. කාලයක් සතියකට දවසක් නිහඩව සිටීමෙන් තමන් උත්සාහ කළේ ශුන්‍යත්වයට සමීපවෙන්න බව ගාන්ධි වතාවක් කියා සිටියා. ආහාරයට ගත්තේ එළවළු විතරයි. නිර්මාංශාහාර පමණක් නෙවෙයි මත්පැන් මත්ද්‍රව්‍ය වලට එරෙහිව පෙනී හිටි ගා්නධි ඒ හික්මවීම ලැබුණේ හින්දු ආගමෙන් විතරක් නෙවෙයි බුද්ධ ධර්මය, ඉස්ලාම් ආගම පිළිබඳව ගැඹුරු අවබෝධය ඇතිව. ඉන්දියාවට පැමිණ ගාන්ධි දේශීයත්වය අගය කළා.

ඉන්දියානුවෙක් බව පෙන්වන කදාර් ඇඳුමෙන් සැරසුනා. යම් මොහොතක් වන විට කදාර් ඇඳුමෙන් සැරසුන කෙසඟ හැරමිටිය අතින් ගත් ගාන්ධි දකිනවිට සුදු පාලකයන් හෙල්ලූම් යන තත්ත්වයකට පත්වෙලා හිටියා. ඉන්දියානුවන් ඔහුගේ වචන අදහන ඔහුගේ සෙවනැල්ල හමුවේ වැඳ වැටෙන මට්ටමට අති විශාල පෞර්ෂයක් ගොඩ නැගුනා. මේ අසමසම බලය බිහිවුණේ සත්‍යයට සමීප වීම සමගයි.

ඉන්දියාවට නිදහස දිනා ගන්නා බලවේගය ගොඩ නැගුනේ ජාතික කොන්ග්‍රසය හරහා හෙමින් හෙමින්. ආරම්භයේදී චාමපරාන් ගමේ තිබුණ විෂම චක්‍රයෙන් වැසියන් මුදවන්න බි්‍රතාන්‍ය පාලකයන්ට එරෙහිව සත්‍යග්‍රහයක් ඇරඹුවා. බදු නොගෙවා මහජනතාව ආරක්ෂා කරන මේ අවිහිංසාවේ සටන යම් පමණකින් දිනන විට ගාන්ධි ට ඉන්දියාවේ පදනමක් හැදුනා. ගමින් ගමට යමින් ස්වරාජ් සිහිනය වෙනුවෙන් සාමකාමී අරගලයක නිරතවුණ ගාන්ධි බි්‍රතාන්‍ය සම්ප්‍රදායයන් උසස් බවට සමාජයේ තිබුණ මතය වෙනස් කරන්න බොහොම උත්සාහ ගත්තා.

බටහිර අධ්‍යාපනය, සිරිත් ඇවතුම් පැවතුම් හෙලා දැක්කා. කාන්තාවන්ට ඉන්දීය ගරුත්වය ලබා දෙමින් විවාහයකදී පවා බටහිර ට ගැති කම් කරන පවුල් පිලිකෙව් කරන්නට හැකි අන්දමට පසුබීම හැදුවා. විදේශීය නිෂ්පාදන වැලැකුවා. පරගැති නම්බුනාම පිළිකෙව් කළා. නිදහස පතා සිවිල් නීති කඩන්න අනුබල දුන්නා. උණ්ඩයට වඩා ගාන්ධිගේ හස්තය බලවත් වුණා. මේ වෙලාවෙදි අධිරාජ්‍යවාදීන්ට ඉතිරි වුණේ මර්දනය විතරයි. ගාන්ධි අත්අඩංගුවට ගත්තා.

ගාන්ධි නැතත් නිදහස් සටන ඉදිරියට ගිය නමුත් නායකයන් අතර යම් ප්‍රමාණයක් හින්දු මුස්ලිම් නායකයන් අතර ඛෙදීමක ලකුණු පෙනුනා. ගාන්ධි හිටියෙ එක අරමුණක ආගම් ජාතිභේද වලින් තොර රටක් වෙනුවෙන් අධිරාජ්‍යාවාදී විරෝධය ඇවිලෙන විට බි්‍රතාන්‍යයට සියල්ල නොසලකා හරින්නට ඉඩක් තිබුණේ නැහැ. එක පැත්තකින් සිවිල් නීති බිඳිමින් බුර බුරා නැගෙන ස්වදේශීකත්වය. අනෙක් පැත්තෙන් එයට පිදුරු දමන්නා සේ නැග එන අවිහින්සාවේ අරගලය. මේ දෙකට මැදිවුණ බි්‍රතාන්‍යය ඉන්දියාවට යම් පමණක දේශපාලනයක් ලබාදීමේ අරමුනින් කොමිසමක් පත් කළා.

නමුත් ඉන්දියාවේ දේශපාලන පක්ෂ සම්පුර්ණ නිදහස පමණක් බව කියමින් කොමිසමට පැමිණ සාක්ෂි දීම ප්‍රතික්ෂේප කළා. ඒ විතරක් නෙවෙයි ගාන්ධි, නේරු, සුබාස් චන්ද්‍රබෝස් වැනි නායකයන් නිශ්චිත දිනයක් දී එදිනට තමන්ම නිදහස ප්‍රකාශයට පත් කරන වග දැනුම් දුන්නා. ඒ විතරක් නෙවෙයි ඒ අන්දමටම ලාහෝර් නගරයේදී ඉන්දියන් ධජය ඔසවමින් 1929 දෙසැ 31 එය සංකේතවත් කළා. පසුව 1930 ජනවාරි 26 වැනිදා ඉන්දියන් නැෂනල් කොන්ග්‍රසය නිදහස ගැන සමරු උත්සවයකුත් තිබ්බා.

නමුත් ඒ සංකේතය නොතකමින් අධිරාජ්‍ය වාදී පාලනය තවත් දරුණු වුණා. මහජනතාව පෙලන්නට, මර්දනයේ හස්තය දැඩි කරන්නට දිය ලූණු බද්දක් පැනෙව්වා. ගාන්ධි මේ බද්දට විරුද්ධව ලූණු ගෙන එන්න මුහුද දෙසට යාමේ පෙලපාලියක් කිලෝ මීටර් හාරසියයක් දුරට ආරම්භ කළා. මේ පා ගමනට හැට දහසක්දුගී දුප්පත් ජනතාව එක්වුණා. මේ මහා බලවේගය කොයිතරම් සාර්ථක වුණාද කියනවානම් අන්තිමේදි බ්‍රිතාන්‍යය රජය ගාන්ධි එක්ක එකගතාවකට එන්න සුදානම් වුණා.

මේ අතරවාරයේ කොන්ග්‍රසයේත් බල තුලනය ගැන නොයෙක් සිදුවීම් හරහා ගලා ගියා පෙඩරල් ක්‍රමය හරහා චන්දයකට යන්න ඉන්දියන් කොන්ග්‍රසය තීන්දු කල වෙලාවේ ගාන්ධි පක්ෂයෙන් ඉවත් වුණා. ගාන්ධි පෙන්නුම් කළේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය රැකුන එක රටක් කියන මතය, බ්‍රිතාන්‍ය යෙදු උපක්‍රම හමුවේ ඉන්දියන් ජනතාව සීසීකඩ යාම වලක්වන්න ගාන්ධි ස්වකීය අවිහිංසාවේ ආයුධය නැවත නැවතත් පාවිච්චි කළා, උපවාස කළා, සත්‍යග්‍රහ කළා, ජනතාව වෙනුවෙන් නිස්සරණධ්‍යාසයෙන් පෙනී හිටියා. කොතරම් සිරගත කළත් බරපතල ලෙස බලපෑම් කළත් ගාන්ධි නිරන්තරව සරලව කතා බහ කරමින් අධිරාජ්‍යවාදීන්ට එරෙහිව ජනමතය ගොනු කළා.

දෙවැනි ලෝක යුක්ධය අවසන් වන විට බ්‍රිතාන්‍ය ය ඉන්දියාවට නිදහස දෙන තීන්දුව පෙනෙන මානයට ආවා. ඒත් මේ වන විට හින්දු සීක් ගැටුම් මතුවෙමින් තිබුණා. ගාන්ධිගේ වුවමනාවන් යටපත් කරමින් 1946 ¡ 48 කාලයේදී හිංසාව හා ගැටුම් පැතිරෙමින් පන්දහසකට වැඩි පිරිසකගේ ජීවිත නැති වුණා.

නිදහස ලැඛෙන විට රටවල් දෙකක් හැදෙන සැලසුමට ගාන්ධි අකමැති වුණත් එකට හිටි සහෝදරයන් වෙන් නොවුනොත් හින්දු මුස්ලිම් ගැටුම් නිසා විශාල සිවිල් යුද්ධයක් ඇරඹෙන ලකුණු පහල වුණ නිසා කොන්ග්‍රසය ඒ සැලසුමට කැමැත්ත දුන්නා. ඉන්දියාවට නිදහස ලැඛෙන විට ගාන්ධි හිටියේ කල්කටාවේ. මේ එඩිතර නායකයාට නිදහසේ උත්සවයට වඩා හින්දු මුස්ලිම් අසරණ ජීවිත වැදගත් බව පෙනුනා.

ඔහු ඛෙංගාලයේත් කල්කටාවේත් සැරිසරමින් ජාතීන් අතර සහයෝගයට අත් වැල් අල්ලන්න මුලූ හිතින්ම වැඩ කළා. ජන වාර්ගිකගැටුම් ඇවිලෙන විට ඒවා ප්‍රතික්ෂේප කළ මේ නායකයා වටා සිටි බලවේගයට වඩා ජාති වාදය මතු වෙන්න පටන් ගත්තා. හිංසනය වැලැක්වීමට ආයෙත් උපවාසයක් ඇරඹුවා. නමුත් එක මොහොතකදී ගාන්ධිගේ ආශ්‍රමයට පැමි‚ හින්දු අන්තවාදියෙකු බලය සඳහා නොව උදාරත්වය උදෙසා රටක් මෙහෙයවු ඉන්දීය නායකයා ඝාතනය කළා.

එහෙත් නිසසල වු ගාන්ධි වෙනුවට අදත් ලෝකය පුරා තව තවත් පැතිරෙමින් තිඛෙන්නේ ඔහු සතුව තිබු දර්ශනයේ රුව ගුණ බව පැහැදිලියි. අවිහිංසකත්වය එකම අවිය ලෙස ගෙන අධිරාජ්‍යයක් බිඳ දැමූ ගාන්ධි අදත් සලකන්නේ අසමාන මනුෂ්‍යයකු ලෙසයි. සියලූ ආගම් වල හරය ඔහු තුළ තිබුණා.

ඇදහිල්ල වෙනුවට ප්‍රායෝගිකත්වයත්, නායකත්වය යනු අසීමිත කැපවීම බවත් ගාන්ධි පෙන්නුම් කළා. ස්වදේශිකත්වය යන්න ජාතිවාදයට කොටු නොකළා සේම ලොව ඕනෑම තැනකින් හමන ඕනෑම බලවේගයක් හමුවේ වුවද තමන්ගේ අනන්‍යතාව රැකගෙන උදාරව නැගී සිටින්නට ආසියානුවන්ට හැකි වග ඔප්පු කළා.

ඔක්තෝම්බර් 02 වැනිදා ගාන්ධි ජයන්ති දිනය හැටියට සැලකෙනවා. ඒ විතරක් නොවෙයි ඉන්දියානුවන් එදින නිවාඩු දිනයක් ලෙස සලකමින් මහත්මා ගාන්ධි දර්ශනයට හිස නමනවා.

Scroll to Top