1961 සිට 1983 දක්වා සිංගප්පුරුවට ගියේ වෙනත් රටවලින් එන යන විටයි. අවුරුදු විස්සක කාලයක් ඇතුළත ඒ රටේ වෙනස්වීම මා සියැසින් දුටුවෙමි. ඒ ලී ක්වාන් යූගේ දඬකම් නිසා ඔහු සිංගප්පුරුවට තිබූ ආදරය සහ හැඟීම නිසා. සිංගප්පූරුව වෙනස් වූ ආකාරය පුදුමාකාරය. ලංකාව ආදර්ශයක් ලෙස ගත් ලී ඒ රට ලංකාවක් කළේය. එහෙත් ලංකාව 1959 සිංගප්පූරුවේ තත්ත්වයට වැටුන ආකාරයද මා දුටුවෙමි. ලී ක්වාන් බලයට පත්වූ පසුව විශේෂයෙන් මලයාවෙන් බිතාන්‍යයෙන් නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවිය.
අවුරුදු 4ක පමණ කාලයක් තරුණ දේශපාලනඥයින් හතර දෙනෙකුට වගකිව යුතු තනතුරු දී ඒ අය පුහුණු කළේය. පසුව ඔහුගේම නියෝජ්‍ය ඇමති ගෝ චෝක් මොන්ය. අඩි හයක් පමණ උස ඔහුට පත්වන විට වයස අවුරුදු 43ක් විය. මේ අතර ලීක්වාන් යූ ඔහුගේ වැඩිමහල් පුත් ජනරාල් ලී සියන් ලූ ද ඇමැති මණ්ඩලයට පත් කළේය.
හමුදාවේ ජෙනරාල් ලෙස කටයුතු කළ ඔහු ආසනයක් තරග කොට ජය අත්කර ගත්තේය. තම පුත්‍රයා සිංගප්පුරුවේ පාලන අගමැති ලෙස පත්වෙන බව විශ්වාස කළේය. 1984 සිට 2006 දක්වා සිය පියා යටතේ පුහුණුව ලබා 2006 දී අගමැති විය.
එතෙක්වත් ප්‍රමාද වුයේ ඔහු කාලයක් අසනීප වූ නිසයි. සමහරු කීවේ ඔහුට පිළිකා රෝගයක් තිඛෙන බවය. ලීත් මේක කළා නම් ඇයි අපේ සේනානායකලට බණ්ඩාරනායකලට බනින්නේ.
සමහර තවත් පවුල් ඉදිරියට එයි. සිංගප්පූරුවේ ඉතිහාසයක් කියා ආරම්භ වන්නේ 1819 සිටයි. ඒ ඇතැමුන්ගේ මතයයි. බ්‍රිතාන්‍යය වෙළඳ සමාගමක සේවය කළ සර් ස්ටැම්පඩ් රැපල් වෙළඳාම සඳහා මේ දූපතට පැමිණියේ ඒ අවුරුද්දේදීය. මලයාවේ කොනක පිහිටා ඇති මෙම දූපතේ එදා සිටියේ මලයානු පවුල් 20ක් සහ චීන ජාතිකයින් දෙනෙකු පමණය.
මේ සියලූ දෙනාම ධීවරයෝ ලෙස කුඩා පැල්පත්වල ජීවත් වූහ. හතරැස් කිලෝමීටර් 4,300ක් පමණ වූ මේ කුඩා දූපත රැපල් පසුව බ්‍රිතාන්‍යය රජයට බාර දුන්නේය. මුලින්ම ඔහු මේ දූපත වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස දියුණු කරන්නට පටන් ගත් විට ඒ අවට රටවල සිට නොයෙකුත් ජාතීහු මේ දූපතේ පදිංචියට එන්නට වූහ.
සිංගප්පූරුවේ ජීවත්වන උගතුන් අද කියා සිටින්නේ සිංගප්පූරුවේ ඉතිහාසය ආරම්භවූයේ 1665 සිට කියාය. අගෝස්තු 9 වෙනිදා මලයාවෙන් වෙන්වී සුද්දන්ගේ කොඩිය පහත දමා අලුත් සිංගප්පූරු කොඩිය එසවූ දිනයේදී අපේ ඉතිහාසය ආරම්භ වූ වග මේ උගත්තු නිතරම කියති. එහෙත් සමහරුන්ගේ මතය එයට වෙනස්ය.
ඒ අය කියා සිටින්නේ 1955 මහ ඇමැති කෙනෙකු සිංගප්පූරුවට පත්වූ දිනය ඉතිහාසයේ ආරම්භය ලෙසයි. කෙසේ වෙතත් සිංගප්පූරුවේ ඉතිහාසය අවුරුදු 173කට සීමාවේ.
සිංගප්පූරුවේ පළමුවෙන්ම පාර්ලිමේන්තු ඡන්දයක් පැවැත්වූයේ 1959දීය. පළමුවෙනි අගමැති ලෙස පත්වූයේ සී.ඒ.පී පඬයේ ලී ක්වාන් යූය. අවුරුදු 33ක කාලයක් බලයේ සිටි. ඔහු සමග එදා සිට අද දක්වා සිංගප්පූරුවේ බලයේ රැඳී සිටියේ තවත් දෙදෙනෙකි. එක් අයෙක් ලංකාවේ උතුරේ උපන් සින්නතම්බි රාජ්රත්නම්ය. අනික් බලවතා ආචාර්ය ගෝ කෙන් ස්වීය.
සිංගප්පූරුව අද මේ ආර්ථීක දියුණුවට පත්වූයේ ආචාර්ය ගෝගේ සැලැස්ම නිසාය. ඔහු මූලිකව කියා සිටියේ වතුරවත් නොමිලේ දෙන්නට එපා. නොමිලේ දෙන දෙයක අගයක් නැති වෙනවා කියාය. මේ ප්‍රතිපත්තිය නිසා අදත් සිංගප්පූරුවේ නොමිලේ දෙන දෙයක් නැත. සෑම දෙයකටම මුදලක් ගෙවිය යුතුය. අද සිංගප්පූරුවේ ජීවත්වන ජනගහනය මිලියන දෙකහමාරකි.
මෙයින් සියයට 76ක් චීන ජාතිකයින්ය. මැලේ ජාතිකයින්ගේ ගණන සියයට 15ක් වන අතර ඉන්දියානු ජාතිකයින් සීයට 7කි.
බොහෝ රටවල ඇත්තේ පිළිගත් එක් රාජ්‍ය භාෂාවකි. එහෙත් සිංගප්පූරුවේ භාෂා 4ක් රාජ්‍ය භාෂා ලෙස පිළිගෙන ඇත. ඒ ඉංග්‍රීසි, මැලේ, දෙමළ සහ චීන භාෂාවක් වන මැන්ඩරින්ය. සිංගප්පුරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ භාෂා හතරින්ම ජාතිය අමතයි. ඔහුට භාෂා හතරින්ම ලිවීමටද හැකිය.
දෙමළ ජාතිකයින් සිංගප්පූරුවට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් සහ ලංකාවෙන්ය. මැලේ ජාතිකයින් පැමිණ ඇත්තේ මැලේසියාවෙන්ය. චීන ජාතිකයින් පැමිණ ඇත්තේ චීනයෙන්ය.
එම ජාතින් සුද්දන් සමග විවාහවී පැවැතෙන ජාතියක් නම් කොට අත්තේ යුරේසියන් කියාය. සිංගප්පුරුවේ පළමුවෙනි මහා ඇමැති ඩේවිඩ් මාෂල් යුරේසියානු ජාතිකයෙකු විය. භාෂා හතරක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගෙන ඇතත් සිංගප්පූරුවේ රාජ්‍ය කටයුතු කෙරෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි.
#singaporecapital #singaporecity #issingaporeinhina #singaporetourism #singaporewiki #singaporepopulation #singaporearea #singaporeflights #singaporeairport #singaporeairlines #singaporetravel #singaporestreetfood #singaporezoo #singaporeaquarium #singaporeairportterminal3 #singaporeattractions #singaporeairlinesa380 #singaporeairlinesfood #singaporeairlinesa350 #singaporeairporttour #singaporeandmalaysia #asingaporeandaughterinchina #asingaporeanlife #asingaporecarol #asingaporenationaldaymdley #asingaporeannwhothinksheisthai