සියළුම සත්වෝද්‍යානවල සත්වෝද්‍යාන ක්‍රියාකාරී සේවක සංගමය අද (18) පෙරවරුවේ 08.00 සිට සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල්වරිය විසින් එහි සේවකයින් සිය අභිමතය පරිදි ස්ථාන මාරු කිරීමට එරෙහිව ඔවුන් මෙම වර්ජනයේ නිරත වේ.
මෙම වර්ජනය හේතුවෙන් දෙහිවල, පින්නවල, හම්බන්තොට ඇතුළු සියළු සත්වෝද්‍යාන නැරඹිමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් මහත් අපහසුතාවට ලක්ව ඇති බව සදහන් වේ.