Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ප්‍රහාරක යානා නිරිතදිග ඉරානයෙන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කෘස් මිසයිල සහ ඩ්‍රෝන යානා දෙවර්ගයම යොදාගෙන සෞදි අරාබියේ බොරතෙල් පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර එල්ල කර ඇත්තේ  දකුණු දිග ඉරානයේ සහ ගල්ෆ් කලාපයේ උතුරු දිග ප්‍රදේශවලින් බව අමෙරිකාව සදහන් කරයි.සෞදි අරාබියේ ගුවන් ආරක්ෂණ පද්ධතිය, යේමනයෙන් එල්ලවන ප්‍රහාර වැළැක්වීමට දකුණු දෙසට වන්නට ස්ථානගත කර තිබූ බැවින් එම පද්ධතියට ඉරානයෙන් එල්ලවූ ප්‍රහාර වැළැක්වීමට නොහැකි වූ බව ද අමෙරිකාව සඳහන් කළේ ය.

මෙම ප්‍රදේශ දකුණු දිග ඉරානයේ සහ ගල්ෆ් කලාපයේ උතුරු දිග ප්‍රදේශවල පිහිටා ඇතැයි ද අමෙරිකාව වැඩිදුරටත් සඳහන් කළේ ය. ප්‍රහාරයට ඉරානය සම්බන්ධ බව හෙළිකරන සාක්ෂි ඉදිරිපත්කිරීමට අද සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය හමුවක් කැඳවයි.

සබැඳි පුවත්

– බොරතෙල් මිල සියයට 19කින් ඉහළට

ඩ්‍රෝන ප්‍රහාර නිසා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු

 

#SaudiattacksdespitelikelyRussianopposition
Scroll to Top