බණ්ඩාරනායක මහතා යන්නට සූදානම් වෙද්දී, ජයසේන රුපියල් විසිපන්දහසක් රිදී බන්දේසියක තබා සුදු රෙද්දකින් වසාගෙන රැගෙන ආවේය. ඔබතුමාට ඡන්දෙට පොඩි පරිත්‍යාගයක් ජයසේන කීවේ ඇහෙන නොඇහෙන ගානටය. හොඳයි, මට ටිකක් අමාරුයි තමා ඒක හොඳයි කියමින් බණ්ඩාරනායක මහතා ඒ මුදල අරගෙන දි.මු.ට දුන්නේය. දි.මු එය ගෙනගොස් බණ්ඩාරනායක මහතාගේ මෝටර් රථයේ තැබුවේය.
බණ්ඩාරනායක මහතා දි.මු. ඇතුළු පිරිස සමග පැමිණියේ ජිනදාස මහතාගේ ගෙදරටය. එය පිහිටියේ මහනුවර දවුලගලය. මීට කලින් ගිය ගෙදරදි බණ්ඩාරනායක මහතා තේ බිව් නිසා මෙහේදීද තේ එකක් දුන්නාට වරදක් නැති බව දි.මු. දනී. ඒ නිසා ජිනදාස මහතාට දි.මු ඒ බව දැනුම් දී තිබිණි.
බණ්ඩාරනායක මහතා ගෙට ගොඩවී ටිකවේලාවකින් තේ සූදානම් කර තිබිනි.පොඩි කෑමක් තිබුණනම් හොඳයි බණ්ඩාරනායක මහතා තේ එක බොන්නට සූදානම් වෙමින් කීවේය. ජිනදාස වේලාවේ හැටියට කවුදෝ යවා කෑම වර්ග කිහිපයක් ගෙන්වා ගත්තේය. වැලි තලප, තල ගුලි ආදී වර්ග කිහිපයක් එහි විය. බණ්ඩාරනායක මහතා වැලිතලප කෑල්ලක් අතට ගත්තේ ආ මේක බොහොම හොඳයි කියමිනි. මේ වෙලාවේ බණ්ඩාරනායක මහතාට කෑමක් ගැනීමේ අවශ්‍යතාවක් නොවීය. එහෙත් මිනිසුන්ගේ හිත දිනා ගැනීමට මේ අන්දමින් කටයුතු කිරීම ඔහුගේ පුරුද්දකි.මේක බොහොම හොඳයි. බොහොම රසයි කියමින් බණ්ඩාරනායක මහතා වැලිතලප කෑලි දෙකක්ම කෑවේය.
ජිනදාසට තේ වතුවලින්ද අඩුවක් නොවීය. ඔහු පිළිබඳ සියලූ විස්තර දි.මු. බණ්ඩාරනායක මහතාට වේලාසනින්ම කියා තිබින. ඒ නිසා බණ්ඩාරනායක මහතා එහිදී හැසිරුණේ සියලූ දේවල් දන්නා පරිද්දෙනි. මේ තේ එක බොහොම රසයිනේ. බණ්ඩාරනායක මහතා ජිනදාස දෙස බලමින් කිවේය. අපේ වත්තේ තේ ජිනදාස කීවේ බොහොම බැගෑපත් ස්වරූපයෙනි.
ජිනදාසට තරුණ පුතෙක්ද සිටියේය. ආ මේ ඉලන්දාරියා,මොනවහරි වැඩවලට හොඳයිනේ. අපි මොනව හරි වැඩ පිළිවෙළක් කරමු.බණ්ඩාරනායක මහතා කීවේය. පසුව ඔහුට මස්කෙළිය ආසනයට තරග කරන්නට අවස්ථාව ලබා දුන්නේය. කැවිලි පෙවිලි කා තේ බී බණ්ඩාරනායක මහතා යන්නට පිටත් වූයේය. ජිනදාස රුපියල් විසිපන් දහසක් රිදී බන්දේසියක තබා සුදු රෙද්දකින්ද වසා කලින් නිවෙසේදි මෙන් බණ්ඩාරනායක මහතාට දුන්නේය. තේ බොන්නට ගෙනා කෑම වර්ගවලින් කිහිපයක් ඉතිරි වී තිබින. මේකෙන් දෙකක් තුනක් බැඳල ගන්නකෝ, අපේ ගෙදරට හොඳයි බණ්ඩාරනායක මහතා ජිනදාසට කිීවේය. ජිනදාස තිබූ ඔක්කොම එකතුකර මුලක් බැඳ ගෙනැවිත් දුන්නේ මහත් ගෞරවයෙනි.
කවුද දැන් ගෙදර ඉන්න කට්ටිය බණ්ඩාරනායක මහතා ඇසුවේ යන්නට මිදුලටත් බැහැලාය. ජිනදාසගේ පවුලේ උදවියත් ළඟ නැදෑයෝත් ඉස්සරහට පැමිණියහ.ඕ බොහොම හොඳයි. අපිට ඔක්කොම උදව් කරන්න ඕනෑ. ජිනදාස මහත්තයා අපි දන්නවනේ, එයා ඉතින් කොළඹ කෙනෙක් වගේනෙ. බණ්ඩාරනායක මහතා කියද්දි ජිනදාසගේත් පවුලේ අයගේත් මුහුණුවලට සතුට ඉතිරිලාය. එතන ඇහැට කනට පෙනෙන කාන්තාවෝ කිහිප දෙනෙක්ද වුහ. ඔවුන් දෙස බලමින් බණ්ඩාරනායක මහතා හයියෙන් හිනාවුණේය. ආ බොහොම ලස්සනයිනේ කට්ටිය. ඔක්කොම ම්.. ඔව්. ඔව්. ඔක්කොම ලස්සනයි. බණ්ඩාරනායක මහතා කියද්දි සමහර කාන්තාවෝ ලජ්ජාවෙන් මිරිකෙන්නට වූහ.
ගෙදර හිටිය හැමෝම පෝලිමේ ඇවිත් බණ්ඩාරනායක මහතාට දණ නමා වැන්දෝය. බණ්ඩාරනායක මහතා හා දි.මු. ඇතුළු පිරිස එතැනින් පිටත්ව ගියේ මහත් සන්තෝෂයෙනි.
පනස්හය මහ මැතිවරණයට ශ්රීලනිපය ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ මුදල් හොයාගත්තේ මේ අන්දමට එක එක්කෙනාගෙන් ලැබුණු පරිත්‍යාග වලිනි. අවසානයේ මහජන එක්සත් පෙරමුණ පනස් හයේ මහමැතිවරණය ජය ගත්තේය. පනස්හයේ අප්‍රේල් 12 වැනිදා ආණ්ඩුවක් පිහිටුවීය. දි.මු. වැඩ කළ අපේක්ෂක වූ ඉලංගරත්න මහතාද මේ මැතිවරණයෙන් ජයගෙන කම්කරු ඇමැතිවරයා බවට පත්විය.
#bandaranaika #bandaranayake #bandaranaike #internationalcmb