ත්රිරෝද රථයේ කැසට් යන්ත්රය ගම්වාසීන්ට ඝෝෂාවක් වන අයුරින් ක්රියාත්මක කරමින් කලක් තිස්සේ ජනයා පීඩාවට පත් කළ තරුණයකුට විරුද්ධව අවිස්සාවේල්ල අසල ගමක වැසියෝ පොලූ මුගුරු ගෙන නැගී සිටියහ.
එය මහ නියම් ගමකි. යාබද නගරයේ කුලී රථ සේවයේ යෙදෙන තරුණයා මැදියම් රැයේ ගමට එන්නේ මහ හඬින් ගම දෙවනත් කරමිනි. ත්රී රෝද රියේ ගී හඩට මිනිස්සු අවදි වෙති. බල්ලෝද උඩු බුරලන්නටත් පටන් ගනිති.
නින්ද කැඩී අවදි වන මිනිස්සු පහන් වනතුරා නිදි වරති. ළමයින් පසුදින පාසල් යන්නේද නිදි වරා මැළැවුණු මුහුනින් යුතුවය. මෙය දිනපතාම සිදුවේ.
මෙම පීඩාව දරාගත නොහැකි තැන සංවිධානවූ ගම්වාසීහු පසුගිය දිනක රාත්රියේ පොලූ මුගුරු රැගෙන ත්රී රෝද රිය පැමිණෙනතුරු මග රැක සිටියහ. මහ හඬින් සින්දු දමාගෙන ත්රීරෝද රිය පැමිණි නමුත් ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මැදිහත් වීම නිසා වැඩ දුරදිග ගොස් නැත.
හොඳින් නරකින් කරුණු වටහා දීමෙන් පසු තරුණයා ත්රීරෝද රියේ කැසට් යන්ත්රය මහජන යහපත පිණිස ඉවත් කළ බව වාර්තාවේ.