අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ යාම නිසා ජලාශ වේල්ලේ වාන් දොරටුව ස්වයංක්‍රියව විවෘත වි ඇති බව ඉංජිනේරුවන් කියා සිටියි.
තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ සෙසු වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැළකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ දෙකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ද පවසයි.
#කොත්මලේ #කාසල්රි #මවුස්සාකැලේ #kotmale
සබැදි පුවත්