නාගලගම්වීදිය ජල මිනුම් ස්ථානයෙන් කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.ගඟ දෙපස පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
හම්බන්තොට ප්‍රදේශයේ ඇති වූ තද වැසි හේතුවෙන් මේ වන විට පවුල් 69 ක පුද්ගලයින් 288 ක් පිඩාවට පත්ව ඇති බවත්, බදුල්ල සොරණාතොට ප්‍රදේශයේ පුද්ගලයින් 88 ක් නායයෑමේ අවදානම මත තාවකාලික ව අයින් කර ඇත.
අතුරු මාර්ග රැසක් මේ වනවිට ජලයෙන් යට වී ඇති අතර කළුතර, නුවරඑළිය සහ ඒ අවට ප්‍රදේශත්, කෑගල්ල – රත්නපුර දිස්ත්‍රික්ක වල ස්ථාන කිහිපයකත් පහත බිම් ජලයෙන් යට වීම් වාර්තා වී තිබේ.
නායයාම් ප්‍රදේශ වල ජිවත් වන ජනතාව අවධානයෙන් අපසු වෙන්නයි ඉල්ලා සිටින අතර පොළවේ ඇති වන පැලීම්, බිත්ති මත සිදුවන ඉරිතැලීම්, ගල් පෙරලීම් මෙන්ම ඇතිවී නැති වී යන ජාල උල්පත් කෙරහි ද විශේෂ අවධානයක් යොමු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අගවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය මඟින් සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි ආපදා කළමනාකරණ ඒකක සහ අවශ්‍ය පරිදි ඉදිරි හදිසි කටයුතු වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සියලුම හදිසි මෙහෙයුම් තාක්ෂණ සේවාවන් ආපදා කළමනාකරණ කටයුතු සඳහා ස්ථානගත කර ඇත.
ඕනෑම ආපදා තත්ත්වයක් දැනුම් දීමට 117 අමතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථනයේ හදිසි මෙහෙයුම් අංශය වෙත දැනුම් දෙන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
පවතින අහිතකර කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව වාර්තා කරන අතර, වැසි හෝ ගිගුරුම් සහිත තත්ත්වය තවත් බලාපොරොත්තු වන බවත් ඇති විය හැකි අකුණු අනතුරු වළක්වා ගැනීමට ක්‍රියාකරන්නැයි ද ජනතවගෙන් ඉල්ලා සිටි.
සබැදි පුවත්
– දූනමලේට ගංවතුර – බුලත්සිංහලට රතු නිවේදන
– ජලාශවල ජල මට්ටම අවදානම් මට්ටමට – අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ
– කෙසෙල්ගමුඔය පිටාර ගලයි – පහත්බිම් රැසක් ජලයෙන් යට වෙයි
– නෝටන්බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පස් කන්ද කඩා වැටි ගමනා ගමනය නවතී
– ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවයි
– අධික වැසි අනතුරු ඇගවීම්
#කැලණි ගඟේ ජල මට්ටම ඉහළට #ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය #floods in sri lanka #floods in sri lanka 2019 #flood warning sri lanka #flood essay #flood plains national park #flood meaning in tamil #floods in sri lanka essay #flood map sri lanka #kelani river #kelani river water level #kelani river flood #kelani river basin map # riverdale #riverstone #river stone #riverston