මහා සංඝරත්නය රැකගැනීම හා බුද්ධ ශාසනයෙහි අභිවෘද්ධිය සඳහා කටයුතු කිරීම රජයේ වගකීම වන බවත් එම අරමුණ සඳහා කටයුතු කිරීම තම අභිප්‍රාය වන බවත් ඒ සඳහා මේ වනවිට විශේෂ ව්‍යාපෘති රාශියක් ක්‍රියාවට නංවා ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. එතුමා මේ බව පැවසූයේ, වැලිගම නගර ශාලාවේ පැවති දකුණු පළාතේ ගාල්ල – මාතර දිස්ත්‍රික්කයන්හි විහාරස්ථානවල භික්ෂූන් සඳහා ‘බුදුපුත් සුරක්ෂා’ රක්ෂණ බලපත්‍ර පිරිනැමීමේ උත්සවයේ දී අදහස් දක්වමිනි.
‘‘රනිල් වික්‍රමසිංහ මහතා අපිට අවස්ථාව දීලා තියෙනවා. නමුත් පළමු හා දෙවැනි අවුරුදු වල අපිට සියලුම පන්සල් බලාගන්න බැරිවුණා. නමුත් අපි තෝරගත්තු පන්සල් වලට මුදල් ප්‍රමාණ දෙන්න පුළුවන් වුණා. දැන් අපිට ඕනම පන්සලකට රුපියල් ලක්ෂ 05ක් 10ක් දක්වා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. මගේ ආසනේ සියලුම පන්සල් වලට අපි ලබාදුන්නා. ඒ වගේම මම හිතන්නේ ගයන්ත කරුණාතිලක ඇමතිතුමාලත් දිස්ත්‍රික්කයේ වගේම රටපුරා විවිධ පන්සල් වලට එහෙම ලබා දීලා තියෙනවා.
එක පැත්තකින් ඔබ වහන්සේලා ආරක්ෂා කරන්න මේ වැඩසටහන් එනවා. අනික් පැත්තෙන් පන්සලේ ආවාස ගෙදර, දාන ශාලාව වගේ දේවල් ස්ථාන දියුණු කරන්නත් ලක්ෂ 05 ක් වගේ පුංචි මුදල් ප්‍රමාණයක් හෝ ලබාදෙන්න පුළුවන් වෙලා තියෙනවා. එවැනි වැඩසටහන් නිසා අපිට පන්සල් ආරක්ෂා කරගන්න, ශාසනය ආරක්ෂා කරගන්න ලොකු හයියක් මේ පසුගිය වසර කිහිපය තුළ දෙන්න පුළුවන් වෙලා තියෙනවා. නමුත් ප්‍රශ්න නැතිව නෙවෙයි. ඒත් පන්සල් 400 ක පමණ ස්වාමීන්වහන්සේලා නැතිව ඉන්නවා. අද ශාසනයට පුංචි හාමුදුරුවරු එන්නේ ගොඩක් දුප්පත් පවුල් වලින්. දුෂ්කර ජීවිත ගතකරලා. එවැනි තත්ත්වයකදී ශාසනය දියුණු කරන්න, සංඝයා වහන්සේලා ආරක්ෂා කරන්න, සංඝයා වහන්සේලා ශාසනය තුළ තියාගන්න අපිට තව තවත් කැපකිරීම් කරන්න වෙනවා……” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
බුදුපුත් සුරක්ෂා
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ(15) දකුණු පළාතේ ගාල්ල මාතර දිස්ත්‍රික්ක වල භික්ෂූන් වහන්සේලා දහසකට අධික ප්‍රමාණයක් සඳහා ‘බුදුපුත් සුරක්ෂා’ සෞඛ්‍ය රක්ෂණ හිමිකම් බලපත්‍ර ප්රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙරට සිටින සියලුම භික්ෂූන් වහන්සේලා මෙම සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වන අතර මෙම මස අග වනවිට දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට මෙම සෞඛ්‍ය ආවරණය ප්රදානය කර අවසන් කිරීමට නියමිත වේ. ඒ අනුව මෙම මස අග සිට දිවයිනේ සියලු භික්ෂූන් වහන්සේලාට හදිසි අවස්ථාවක දී මෙම සෞඛ්‍යාවරණය ලබාගැනීමට හැකි වනු ඇත. රෝගාතූර වන භික්ෂූන් වහන්සේ නමකට දෛනිකව රුපියල් 3000 ක් බැගින් ලබාදීමට රජය එමගින් අපේක්ෂා කෙරේ.
එමෙන්ම හදවත් සැත්කමක දී රුපියල් ලක්ෂ 10 ක්, පිළිකා රෝගයක දී රුපියල් ලක්ෂ 05 ක්, වකුගඩු රෝගයක දී රුපියල් ලක්ෂ 12 ක් ආදී වශයෙන් ගිලන් භික්ෂූන් වහන්සේලා හට රෝග සුවකරගැනීම උදෙසා රජය විසින් මෙම සෞඛ්‍යාවරණය පිරිනමනු ලබයි.