Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සංනිවේදනයේ නව පරිවර්තනයක් – නෙලුම් කුලුන ජාතියට දායාද කෙරේ(video)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උස ම කුලුන ලෙස ඉදිකෙරුණු කොළඹ නෙලුම් කුලුන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්  විවෘත කෙරිණි.

නෙලුම් කුලුන ජාතියට දායාද කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

නෙලුම් කුලුනට අදාළ වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.ජනාධිපතිතුමා චීන නියෝජිත පිරිස අතර සමරු තිළිණ හවුමාරුකර ගැනීම ද සිදු විය.

කථානායක කරූ ජයසුරිය මහතා ඇතුථ පක්ෂ විපක්ෂ මැතිඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්.සෙනෙවිරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ සභාපති, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලදාරින් ද, චීන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

#lotus tower srilanka #නෙලුම් කුලුන

Scroll to Top