දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංඟා කිහිපයකම ජල මට්ටම ඉහළ යමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කැළණි ගඟ නෝවුඩ් ප්‍රදේශයෙන්, කලු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, අත්තනගලු ඔය දුනුමාලේ ප්‍රදේශයෙන් ජල මට්ටම අවදානම් මටට්මක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් හා මහවැලි ගඟ නාවලපිටිය ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පවසයි.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණිමට, පිළිවෙලින් අඩි 3 ක් හා 7 ක් වශයෙන් පැවති බව එම ජලාශ බාර ඉංජිනේරුවෝ පැවසූහ.