දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට ඉදිරි පැය 24ක කාලය තුළ මිලි මීටර 150 ඉක්මවූ අධික වැසි හේතුවෙන් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කටයුතු කර ඇත.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ සදහන් වන්නේ ඇහැළියගොඩ, අඹගමුව, බුලත්සිංහල, කිරිඇල්ල, කලවාන, වරකාපොල සහ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත පළමු සහ දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පහත්බිම් සහ අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති අතර කොටහේන – ආමර් බාබර් මංසන්ධිය මුළුමනින්ම ජලයෙන් යටවීම නිසා අධික රථවාහන තදබදයක් ඒ ප්‍රදේශයේ හටගෙන ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.
බදුල්ල සොරනාතොට ප්‍රදේශයේත් ගල්පෙරලීම් නිසා දැනට පවුල් 88ක් ද ඉවත් කර ඇත.
මේ අතර ඉදිරි පැය 24 තුළ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත් වලට මිලිමීටර් 150ට වැඩි තදවැසි ඇතිවිය හැකි බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.