Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩ්‍රෝන ප්‍රහාර නිසා ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ යන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

යේමනයේ හවුති කැරළිකරුවන් විසින්  සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන සැකසුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇත.

සෞදි අරාබියේ ඇබ්ක්වේක් සහ කුරේයිස් පළාත්වල පිහිටි ඉන්ධන කර්මාන්තශාලාවක ඉන්ධන බහාලුම් 2ක් ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

ප්‍රහාර සඳහා ඩ්‍රෝන 10 ක් උපයෝගී කරගෙන ඇති බව ප්‍රහාරයේ වගකීම භාර ගනිමින් හූති කැරලිකරුවන් නිවේදනය කරයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් සෞදි දෛනික බොර තෙල් නිෂ්පාදනයෙන් 50% ක ප්‍රතිශතයකින් අඩු වන බව මොහොමඩ් බීන් සල්මාන් කුමරු සඳහන් කරයි.

කෙසේවෙතත් ප්‍රහාරය පිටුපස සිටින පාර්ශව සම්බන්ධයෙන් එරට රජය විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

Scroll to Top