අන්තර්ජාල භාණ්ඩ හා සේවා සපයන මාසිකව මිලියන 750 කට අධික පරිශීලකයින් ප්රමාණයක් සිටින අලි බාබා ආයතනයේ සමාරම්භක සභාපති 55 වියැති චීනයේ වෙසෙන අංක එකේ ධනවතා ජැක් මා නිල වශයෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.ජැක් මා සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නේ නැවුම් ආරම්භයකට මුල පිරීමේ අරමුණින් යැයිද විදෙස් වාර්තා සදහන් කරයි.
සමාගමේ සභාපති ධුරය ෂැං වෙත භාර දෙන බව ඔහු පසුගිය වසරේ නිවේදනය කර තිබුණි. කෙසේවෙතත්, මා 2020 වන තෙක් අලිබබා මණ්ඩලයේ සේවය කරනු ඇතැයිද පවසා ඇත.