මිතුරු, මිතුරියන් එක් අයෙකු, දෙන්නෙකු වත් නැති කෙනෙක් සොයාගැනීම කළුනික සොයනවා වගේ වැඩක්. නමූත් ඔබට ඉන්නේ යහපත් මිතුරු මිතුරියන් පමණක්ද? කරදරකාර මිතුරු මිතුරියන් ඔබට නැද්ද? “උණූ නිසා බොන්නත් බැරි, කිරි නිසා අහක දමන්නත් බැරි” ඔබේ හිත නොසන්සූන් කරවන මිතුරන් හෝ මිතුරියන් ඔබට ඉන්නවා නම් ඔවූන් හා අමනාපද නොවී එම තත්ත්වයෙන් මිදෙන්නේ කොහොමද? පහත උපදෙස් කියවා බලන්න.
ඔබව විවේචනය කරන මිතුරා·මිතුරිය
ඇය·ඔහූ ඔබ තුළ නූරුස්නා බවක් ඇති කරන්නේ ඔහූ·ඇය ඔබේ විමසීමකින් තොරව ඔබ පිළිබඳ ඔහූගේ·ඇයගේ ආකල්ප පවසනවා. ඒවා ඔබ දේවත්වයකින් ඇදහිය යූතුද වෙනවා. ඔබේ ආදර සබඳතා, නිවස, රැකියාව හා ඔබ ගන්නා තීරණ ඇතුළු සෑම සියලු දෙය ගැනම ඔහූ·ඇය තමාගේ අදහස පවසන බවක් ඔබට හැඟෙනවා. ඇය·ඔහූ ඔබ තුළ නූරුස්නා හැඟීමක් ඇති කරන්නේ ඔබේ ජීවිතය පිළිබඳ ඔහූගේ·ඇයගේ අදහස ඉදිරිපත් කරමින් ඔබට තනි තීරණයක් ගැනීමට නොහැකි බවට හැඟීමක් ඔබ තුළ ඇතිකරන නිසයි.
මේ තත්ත්වය මගහරවා ගැනීමේ උපක්‍රමය වන්නේ
ඊළඟ වතාවේ ඔහූ·ඇය ඔබ පිළිබඳව තම අදහස පවසන්නට සූදානම් වේද්දීම ඔහූගේ·ඇගේ සෘජූ භාවය ඔබ අගය කළත් ඔබ පාඩම් ඉගෙනගත යූත්තේ ඔබේ වැරදි තුළින්ම බව වටහා දෙන්න. ඇය·ඔහූ තුළ ඇති ආත්ම ශක්තිය අතින් මූල් තැන ගැනීමේ ස්වභාවයට එම අදහස ගැලපෙන්නක් වෙනවා. එමෙන්ම “මං හිතන්නෙ ඔයා මං කියන දේ තේරුම් ගනීවි. මට ඔයාගේ උපදෙස් අවශ්‍ය නම් මං ඔයාගේ අහන්නම්” යැයි පවසන්න. ඉන් වෙනසක් නොවිනි නම් ඔහූව·ඇයව අතේ දුරින් ආශ්‍රය කරන්න. කෙනෙකු නිතරම ඔබව විවේචනය කිරම ඔබේ ආත්ම විශ්වාසයට හානි ගෙන දෙනවා.
ඔබ මත්තේ යැපෙන මිතුරා·මිතුරිය
ඇය·ඔහූ ඔබ තුළ නූරුස්නා බවක් ඇති කරන්නේ ඇය·ඔහූ යම් අර්බූදයක් ගැන සඳහන් කරමින් රෑ මාදියමේ පවා ඔබට දුරකතන ඇමතුම් දෙන අතර නිවාඩූවක් ගත කිරමට ඔබ ගියත් යම් ප්‍රශ්නයක් ගැන කියමින් ඔබේ ජංගම දුරකතනයට ඇමතුම් දෙනවා. ඔහූ·ඇය පිළිබඳව ඔබට වගකීමක් ඇති බවට හැඟීමක් ඔබ තුළ ඇතිවන අතර ඔබේ ජීවිතය ඔබේම නොවන බවක් ඔබට කල්පනා වෙනවා.
මේ තත්ත්වය මග හරවා ගැනීමේ උපක්‍රමය වන්නේ
මේ මිත්‍රත්වයේ පැති දෙකක් තිබෙනවා. ඇය·ඔහූ ඔබ මත යැපෙන නිසා කරදරයකදී ඔහූට·ඇයට උදව් කිරමෙන් ඔබේ ආත්ම ශක්තිය වැඩෙනවා. නමූත් ඉන් ඔබ දෙදෙනාටම සිදුවන යහපතක් නැහැ. ඒ වෙනූවට වඩා ස්වාධීන වීමට ඔහූට·ඇයට උදව් කරන්න. ඔබට වෙන් කළ හැකි කාලය පමණක් ඇය·ඔහූ වෙනූවෙන් වෙන් කොට උදව් ලබා ගත හැකි වෙනත් ක්‍රම කෙරෙහි ඔහූගේ·ඇයගේ සිත යොමූ කරවන්න. බැරිම වූනොත් ඇය·ඔහූ ඔබෙන්ම යැපීමට ගන්නා උත්සාහය ඔබලාගේ මිතුරුකමට බාධාවක් බව පෙන්වා දෙන්න. නමූත් මෙය කළ යූත්තේ ඔහූ·ඇය සන්සූන්ව සිටින මොහොතක විනා ප්‍රශ්නයක් පිළිබඳ ඔබෙන් උපදෙස් පතන වෙලාවක නෙමෙයි. එබඳු වෙලාවක කෙනෙකුට යමක් වටහා දීම පහසූ නැහැ. ඇය·ඔහූ මහ රෑ යම් ප්‍රශ්නයක් ගැන කියමින් දුරකතන ඇමතුම් දීම දිගින් දිගටම කරන්නේ නම් ඒ පිළිබඳ තීරණයක් ගන්න. මෙය සූදුසූ වෙලාවක් නොවන බවත් හෙට උදෑසන ඔබ කතා කරන බවත් පවසන්න.
නිතරම ඔබව හෙළා දකින මිතුරා·මිතුරිය
ඔහූ·ඇය ඔබ තුළ නූරුස්නා බවත් ඇති කරන්නේ ඔබ නිවාඩූවක් ගත කිරමට නූවරඑළියට යන බව කීවිට ළඟදීම තමා නිවාඩූවක් ගත කිරමට එංගලන්තයට යන බව ඇය·ඔහූ කියාවි. ඔබ අලුත් රූපවාහනී යන්ත්‍රයක් මිලට ගත් බව කීවොත් ඇය·ඔහූ ඊට වඩා විශාල වටිනා රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගත් බව කියාවි කොටින්ම මේ මිතුරා·මිතුරිය සමග ඉන්නා විට ඔබට ජීවිතය එකම තරගයක්.
මේ තත්ත්වය මගහරවා ගැනීමේ උපක්‍රමය වන්නේ
ඔබට ඔහූ·ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් එහි තේරුම ඔබ සතු දෙයින් ඔබ තෘප්තිමත් නොවන බවයි. නමූත් ඔහූ·ඇය ඔබව හෙළා දකිමින් දිගින් දිගටම තමාගේ දෑ ගැන කියවනවා නම් ඒ බව ඔහූට·ඇයට පෙන්වා දෙන්න. මං ඔයාගෙ කතාව ඇහූවනෙ. ඒත් ඔයා මගේ කතාව අහන්නේ නැහැනෙ. වැනි දැයක් කියා ඒ බව ඇයට අඟවන්න. ඇය·ඔහූ නිතරම ඔබ හා තරග වදින්නට යාමෙන් ඔබ තුළ අපහසූතාවයක් ඇති වන බව පවසන්න. ඇතැම් විට මෙම මිතුරා·මිතුරිය ඔබව හෙළා දකින්නේ ඔබ පිළිබඳව ඇති ඊර්ෂ්‍යාව නිසා විය හැකියි. ඔබ තුළ ඇති දකෂකම් හෝ ඔබේ ප්‍රේම සම්බන්ධය ගැන ඇය·ඔහූ තුළ ඊර්ෂ්‍යාවක් ඇති, ඇයට·ඔහූට අවශ්‍ය ඔබ තුළ ඇති භෞතික නොවන, ආධ්‍යාත්මික ගුණාංග මොනවාදැයි සොයා බලන්න.
මිතුරු – සතුරු
ඇය·ඔහූ ඔබ තුළ නූරුස්නා බවක් ඇති කරන්නේ ඔබේ මිතුරා·මිතුරිය ලෙස ඇය·ඔහූ පෙනී සිටියත් සමහර විට ඒ ගැන ඔබ තුළ සැකයක් ඇතිවෙනවා. ඇය ඔබේ මූහූණට කිව යූතු දෑ නොකියා ඔබේ ආත්ම භක්තිය නැති වන ආකාරයේ ඇනූම්පද කියනවා.
මේ තත්ත්වය මග හරවා ගැනීමේ උපක්‍රමය වන්නේ
අනාගතේයේදී ඔබට විරුද්ධව ආයූධ ලෙස පාවිච්චි කරයිදෝ යන සැකයක් යූතුව ඔබට ඔහූ·ඇය සමග යමක් බෙදාගැනීම අපහසූයි. ඉන් ඔබේ ආත්ම විශ්වාසය නැති වන අතර ඔහූ·ඇය ඔබට ද්‍රෝහි වන බවත් ඔබට දැනේවි. ඇනූම් පද කීම කෙනෙකු හෙළා දකින එක් මගක් වෙනවා. මෙසේ කරන්නේ තමාගේ හිතට කරදර දෙන දේ එක්වරම කීමේ ශක්තිය නැති අයයි. නැතිනම් ඔවූන් තුළ ඇති අනාරකෂිත බව නිසා ඔවූන් අනූන්ගේ ජීවිත අවූල් කරනවා. මෙය අනූන්ට මානසික වද දීමේ ක්‍රමයක්, මෙසේ අනූන්ට මානසිකව වද දෙන්නේ බියගුල්ලන් නිසා ඔවූන්ගෙන් එසේ හැසිරෙන්නට හේතුව කෙළින්ම අසා සිටීමෙන් ඔවූන් පසූබානවා. කිව යූතු දේ කෙළින්ම කියන ලෙස ඔහූට·ඇයට කියන්න. ඔහූ හෝ ඇය ඔබට යමක් කියන්නට හේතුව දැනගත් විට ඔහූ·ඇය ඔබේ සැබෑ මිතුරෙක්ද·මිතුරියන්ද යන වගත් ඔබට දැනගන්නට ලැබේවි.
නිතරම කංකෙඳිරිගාන මිතුරා·මිතුරිය
මේ මිතුරා·මිතුරියට තරම් ජීවිතයේ ප්‍රශ්න වෙන කිසිවෙකුට නැති අතර ඇය·ඔහූ ඔබේ සූභවාදී අවවාද පිළිගන්නේ නැහැ.
මෙම තත්ත්වය මගහරවා ගැනීමේ උපක්‍රමය වන්නේ
ඔබත් මේ අඳෝනාවන්වලට ඔබේ අඳෝනාවන්ගෙන් පිළිතුරු දීමට ගියොත් ආසූභවාදී ආකල්ප දැරමෙහි වරදක් නැති බව ඔහූ·ඇය කල්පනා කරාවි. ඒ වෙනූවට යම් සරල කියමනකින් ඒ බව නොතකා හරින්න. ඊළඟට යම් සූබවාදී මාතෘකාවකට කතාව වෙනස් කරන්න. එසේ කරන විටත් ඇය·ඔහූ ඒ බව වටහා නොගනියි නම් කෙළින්ම කිව යූතු දේ කියන්න. නිතරම සූභවාදී ලෙස ජීවිතය දෙස බලන ලෙස ඇයට·ඔහූට උපදෙස් දෙන අතරේ ඔබ මෙවැනි අසහනකාර මානසික වාතාවරණවන්ගෙන් ගැලවූණූ හැටි ගැන විස්තරකොට ඔහූට·ඇයට එසේ කළ හැකි බව පෙන්වා දෙන්න.