ලැව්ගිනි පාලනයට බ්රසීල රජය මහත් වෙහෙසක් දරමින් සිටින අවස්ථාවේ එම කලාපයට මහ වැසි ඇති වි ඇති අතර එමගින් ලැව්ගිනි තරමක් දුරට පාලනය වී ඇති බව පරිසරවේදීන් සදහන් කරයි.
එරට තිබූ වියළි කාලගුණය හේතුවෙන් පැතිරයන ලැව්ගිනි පාලනය අසීරු වී තිබු ඇමසන් වනාන්තරයට අධික වර්ෂාවක් පතිත වීම ගිනි නිවීම් වල නිරතවූ පිරිස් ටද අස්වැසිල්ලක් විය.