1924 වසරේ පෙබරවාරි මස 21 වන දා උපත ලද රොබට් මුගාබේ දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ ඔහු මිය යන විට 95 වන වියෙහි පසුවිය.
කලක් රෝගාතූරව සිටි රොබට් මුගාබේ, ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබී ය.
1987 වසරේදී ඔහු සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත් විය.රොබට් මුගාබේ සිම්බාබ්වේ රාජ්‍යයේ විමුක්තියේ සංකේතයකි.
නූතන සිම්බාබ්වේ රාජ්‍යයේ පියාණන් ලෙස ද සැලකෙන රොබට් මුගාබේ, 2017 වසරේ නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්රණයකින් ධූරයෙන් පළවාහැරියේ තිස් වසරක පාලන යුගය නිමාවට පත් කරමිනි.