ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් හෙට (08) පැවැත්වෙයි.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්රේමදාසමහතා ඉදිරිපත් විය යුතු බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙන්ම අපේකෂකයින්ද මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටියි.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත් වීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළද විවිධ මතගැටුම් හටගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.