Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එකම ඕවරයේදී මාලිංගෙන් ලෝක වාර්තා තුනක්(විඩියෝ)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වු අවසන්  විස්සයි විස්ස තරගයේදී පිට පිටම පන්දු 4 කින් කඩුලු 4 ක් දවාගත් ලොව එකම පළමුවැනි ක්‍රීඩකයා ලෙස ලසිත් මාලිංග ක්‍රිකට් ලෝක වාර්තාවක් පිහිටවීය.

ශ්‍රී ලංකා  විස්සයි විස්ස කණ්ඩායම් නායක ලසිත් මාලිංග දෙවන පන්දු වාරයේ අවසන් පන්දු හතරේදී පිට පිට කඩුළු 4 ක් බිද හෙළීමට සමත් වුණේ ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී එවැනි දස්කමක් දැක්වූ පළමු කී‍්‍රඩකයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. කොලිං මුන්රෝ, හමීෂ් රදර්ෆෝඞ්, කොලිං ග‍්‍රෑන්ඞ්හෝම් සහ රොස් ටේලර් මාලිංග යොමුකළ පන්දු 4 ක් හමුවේ පිට පිටම දැවී ගිය ක්‍රීඩකයෝය.

මෙම තරගයේදී ලසිත් මාලිංග වාර්තා කළේ විස්සයි විස්ස පිටියේදී ලබාගත් 2 වන කඩුළු ති‍්‍රත්වයයි. එක්දින පිටියේදීද කඩුළු ති‍්‍රත්ව 3 ක් වාර්තා කිරීමට මාලිංග සමත් වුණා. ඒ අනුව ජාත්‍යන්තර කි‍්‍රකට් පිටියේදී වැඩිම කඩුළු ති‍්‍රත්ව ප‍්‍රමාණයක් ලබාගත් එකම පන්දු යවන්නා ලෙසද ලසිත් මාලිංග ඉතිහාසයට එක්වි හමාරයි.

විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා වන්නේද ලසිත් මාලිංගයි.

https://youtu.be/WH7E6R99Asg

Scroll to Top