වර්තමානයේ මෙන් අතීතයේ පාලන ව්‍යූහය සංවිධානය වී ඇත්තේ ක්‍රමානූකූල පරිපාලන රටාවකට අනූවයි. එනම් රාජ්‍ය පාලනයේ එක් එක් විෂයයන් සඳහා වෙන් වූ නිලධාරීන් පිරිසක්ද එදා වූවා.
මේ සංවිධානගත පාලන ව්‍යූහයේ හෙවත් රාජ සභාවේ ඉහළම ස්ථානය හිමි වූයේ රජූටයි. මෙරට අවසන් පාලන යූගය වූ මහනූවර යූගයේ රාජ්‍ය සභාවේ සිටි උසස්ම රාජ්‍ය නිලධාරියා සහ පාලන බලතල අතින් රජූට පමණක් දෙවැන්නා හැඳින්වූයේ “අදිකාරම්” නමින්.
ක්වේරෝස්, රිවෙයිරෝ, රොබටි නොක්ස් වැනිි බටහිර ලේඛකයින්ගේ ලේඛනවල මේ නිල නාමය හඳුන්වා ඇත්තේ “අදිගාර්” ලෙසයි. ඊට කලින් එනම් දඹදෙණි යූගයට අයත් සාහිත්‍ය කෘතීන්වලත් ගම්පොළ යූගයට අයත් ලේඛනවලත් “අදිකාර” යන නමින් මේ නිලය හඳුන්වා තිබෙනවා. මහනූවර යූගයේදී මේ නිලය හඳුන්වා ඇත්තේ “මහ නිලමේ” නමින්.
මහනූවර යූගයේ මූල් භාගයේ වූයේ එක් අදිකාරම්වරයෙක් පමණයි. එහෙත් 2 වන රාජසිංහ රජූගේ පාලන සමයේදී (ක්‍රි.ව 1635 – 1687) අදිකාරම්වරුන් දෙදෙනකු වූ බවත්, උඩරට රාජ්‍යයේ නගරද, පාලන ධූර පූරප්පාඩූ වී ඇති ප්‍රදේශද ඒ අදිකාරම්වරුන් දෙදෙනා යටතේ පාලනය වූ බවත්, ඔවූන් රටෙි නායක විනිශ්චයකරුවන් ලෙස සැලකිය හැකි බවත් නොක්ස්ගේ ලේඛනවලින් පැහැදිලි වෙනවා.
18 වන සියවස අගභාගයේදී පමණ මහනූවර රාජ්‍යයේ අදිකාරම්වරු සිව්දෙනෙක් වූ බව කොඩ්‍රින්ටන්ගේ ලේඛනවලින් පැහැදිලිවෙයි. මෙයින් පළමූවැන්නාට රජූහට පෞද්ගලික මට්ටමෙන් සේවය කිරීමද, දෙවැන්නාට නගර රැකබලාගැනීමද, තුන්වැන්නාට අධිකරණ කටයූතුද, සිව්වැන්නාට රජූගේ යූද කටයූතුද පැවරී තිබූණා.
ලක් රාජාවලියේ අවසන් පූරුක වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජූට (ක්‍රි.ව 1798 – 1815) මූලදී වූයේ අදිකාරම්වරුන් දෙදෙනෙක් පමණයි. ඔවූන් හැඳින්වූණේ පල්ලේ ගම්පහේ අදිකාරම් සහ උඩ ගම්පහේ අදිකාරම් ලෙසින්. මේ තත්ත්වයේ වෙනසක් ඇති කෙරෙමින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේ සියපත්තුවේ අදිකාරම නමින් අභිනව නිලයක් ස්ථාපනය කළා. මොවූන් අතරෙන් මහ අදිකාරම් තනතුර හෙවත් පළමූවන අදිකාරම් නිලය හිමි වූයේ පල්ලේ ගම්පහ අදිකාරම්ටයි.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ සමයේදී මූලින්ම මහ අදිකාරම් ධූරයට පත් වූයේ. පිළිමතලව්වේ විජයසූන්දර රාජකරුණා සෙනෙවිරත්න අභයකෝන් පණ්ඩිත මූදියන්සේයි. ලක් ඉතිහාසය තුළ මේ චරිතය වඩාත් පතල වී ඇත්තේ පිළිමතලව්වේ මහ අදිකාරම ලෙසයි. ක්‍රි.ව 1790 – 1811 තෙක් ඔහූ එම තනතුර ඉසිලුවා.
ඉන් පසූව එම පූරප්පාඩූව සපිරුණේ ඇහැලේපොළ විජයසූන්දර වික්‍රමසිංහ චන්ද්‍රසේකර අමරකෝන් වාහල මූදියන්සේගෙන්. ඔහූව කොයි කවූරුත් බහූලව දැන හඳුනන්නේ් ඇහැලේපොළ මහ අදිකාරම ලෙසින් 1811 සිට 1814 තෙක් ඔහූ ඒ තනතුර ඉසිලුවා.
මේ ලිපිය ආරම්භයේදී අප සඳහන් කළ කරුණකි පාලන බලතල අතින් අදිකාරම්වරයා රජූට පමණක් දෙවැනි වූ බව. ඒ තත්ත්වය ඉක්මවා ගිය බලයක් එදා ඔවූන් සතුව තිබූ බව පෙන්වන කදිම සාධකයක් මෙහිදී ගෙනහැර දැක්විය හැකියි.
රාජාධි රාජසිංහ රජූගේ ඇවෑමෙන් උඩරට සිහසූනට උරුමකම් කීමට නියමිතව සිටියේ නායක්කර් වංශික මූද්දුසාමි කුමරුයි. නමූත් පිළිමතලව්වේ මහ අදිකාරම් ඒ වෙනූවට රාජාධි රාජසිංහ රජූගේ දෙවැනි බිසවගේ සොයූරියකගේ පූත්‍රයකු රාජ්‍යත්වයට තෝරාගනූ ලැබූවා. ඔහූ කන්නසාමි කුමරුයි. ඔටූනූ පැළඳි මෙකුමරු ශී්‍ර වික්‍රම රාජසිංහ යන නාමය ලැබූවා.
මෙවකට ඔහූ පසූ වූයේ 18 වන වියේයි. රාජ්‍ය පාලනය තබා සාමාන්‍ය ජීවිතය පිළිබඳව පවා ඔහූ එතරම් අත්දැකීම් ලැබ සිටි අයෙක් නොවූ බව මේ අනූව පැහැදිලිව තේරුම් ගත හැකියි. කන්නසාමි කුමරු සිහසූනට පමූණූවාලීම තුළින් පිළිමතලව්වේ මහ අදිකාරම්ට අවශ්‍ය වූයේ ඔහූ ලවා තම අභිමතය පරිදි රාජ්‍ය පාලනය පවත්වාගෙන යාමයි.
මේ තත්ත්වය මඳ කලක් ක්‍රියාත්මක වූවත් තම මහ අදිකාරම්ගේ යටි අරමූණ වටහාගැනීම මේ ළාබාල රජූට අපහසූ වූණේ නැහැ.
රාජ මූද්‍රාව වංචා සහගතව යොදාගෙන ව්‍යාජ නියෝග නිකුත් කරමින් රජූ කෙරෙහි වඩාත් කුළුපඟ වූ රටවැසියන්ගේද ප්‍රසාදය දිනාගෙන සිටි නිලමේවරුන් රහසිගතව ඝාතනය කරවීම, තම පෞද්ගලික වාසි තකා මෙරට ඉංගී්‍රීසි පාලනය සමග රහසිගතව සබඳතා පැවැත්වීම, උඩරට රාජ්‍යය ඉංගී්‍රීසින් වෙත පවරා දීමට. කුමන්ත්‍රණකාරව කටයූතු කිරීම වැනි පිළිමතලව්වේ මහ අදිකාරම්ගේ රාජද්‍රෝහී, දේශද්‍රෝහී ක්‍රියාකාරිත්වයන් වටහා ගැනීමට ශ්‍රී වික්‍රම රාජසිංහ රජූට එතරම් දිගු කලක් ගත වූණේ නැහැ.
එතැන් පටන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජූත්, පිළිමතලව්වේ මහ අදිකාරමත් අතර විරසකයන් අතු ඉති ලියලමින් වැඩෙන්නට වූණා.
මෙතැන් පටන් රජූ තම නායක්කර් වංශික ඥාතීන්ගෙන් උපදෙස් සහ ආධාර උපකාර ලබාගැනීම කෙරෙහි වඩාත් යොමූ විමේලා මේ තත්ත්වය ප්‍රබලව බලපෑවා. එතෙක් දේශීය රදළ ප්‍රධානීන් විසින් දැරූ ඇතැම් තනතුරුද රජූ විසින් තම ඥාතීන්ට පිරිනමනූ ලැබූවා.
තවද රදළ ප්‍රධානීන්ගේ පවූල් අතරම පැවැති අන්‍යොන්‍ය විරොධතාවලින් ප්‍රයෝජන ගත් රජූ කළේ එක් රදළ ප්‍රධානියෙක් යටතේ පැවැති පාලන ප්‍රදේශයක් දෙකඩ කර ඒවා එකිනෙකට විරුද්ධ රදළ ප්‍රධානීන් දෙදෙනකුගේ පාලනය යටතට පත් කිරීමේ පිළිවෙතක් අනූගමනය කිරීමයි.
ඉන් නොනැවතී තම යටත්වැසියන්ට හිරිහැර කළ රදළ ප්‍රධානීන්හට දඬූවම් පැමිණවීම මගින් මහජනතාවගේ පක්ෂපාතීත්වය දිනාගැනීමට රජූ උත්සාහ කළා. රජූගේ මෙම සියලුම දේශපාලනික උපක්‍ර-මවල ප්‍රතිඵලය වූයේ උඩරට රදළවරුන් ඔහූ කෙරෙහි වඩාත් කෝපවීමයි.