දිවයින පුරා පිහිටි සෞඛ්‍ය සේවා සපයන ආයතන වෙත හදිසි නිකුත් කිරීම් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ ඒකකයක් අද ස්ථාපනය කරනු ලැබීය. වෛද්‍ය සැපයීම් අංශයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ඇරඹුණු මෙම ඒකකය පැය 24 පුරා දින 365 ම ක්‍රියාත්මකයි. සමාරම්භක අවස්ථාවෙන් අනතුරුව මෙම විශේෂ ඖෂධ සැපයුම් ඒකකය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සිදු විය.
අද ස්ථාපනය කෙරුණු මෙම විශේෂ ඖෂධ සැපයුම් ඒකකයේ කාර්යභාරය පිළිබඳ පැහැදිළි කරනු ලැබූයේ වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා විසිනි. මෙම ඒකකය ප්‍රධාන වශයෙන්, වෛද්‍ය සැපයීම් අංශය නියෝජනය කරන ඖෂධවේදියෙකුගෙන් සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන ඖෂධවේදියෙකුගේ සංයුතියෙන් යුක්තයි.
පළමුව වෛද්‍ය සැපයීම් අංශය නියෝජනය කරන ඖෂධවේදියා විසින් දිවයින පුරා පවතින හදිසි ඖෂධ අවශ්‍යතාවය පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම සිදුකරනු ඇත. ඉන්පසු වෛද්‍ය සැපයීම් අංශය හරහා හෝ වෙනත් රෝහල් සංචිතයන් පිළිබඳ සළකාබැලීමෙන් පසු එම තොරතුරු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නියෝජනය කරන ඖෂධවේදියා වෙත යොමු කෙරෙනු ඇත. අවසානයේ අදාළ සෞඛ්‍ය සේවා ආයතනය වෙත, ඉල්ලුම් කළ හදිසි හෝ ජීවිතාරක්ෂක ඖෂධය සහ එය ඔවුන් වෙත ලැබෙන වේලාව පිළිබඳ දැනුම්වත් කෙරෙනු ඇත.
මාධ්‍ය දැනුම්වත් කිරීමේ අවස්ථාවට සහභාගි වූ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඞ් මහතා සඳහන් කළේ මින්පසු කිසිදු අයුරකින් අදාළ නොවන තැන් වල ඖෂධ අවශ්‍යතාව පිළිබඳ කතා කිරීම පලක් නොවන බවයි. යම් පුද්ගලයෙකුගේ අවශ්‍යතාව වන්නේ රෝගී සුරක්ෂිතභාවය නම් ඒ සඳහා මින් ඉදිරියට ඒ පිළිබඳ දැනුම්දිය යුත්තේ 07 66 47 47 77 MEDI CALL ක්ෂණික ඇමතුම් අංකයටයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වන විට ලබා ගත හැකි සියලු ඖෂධ ගුණාත්මක භාවයෙන් ඉහල, තත්වපරීක්ෂාවන්ගෙන් සමත්වූ ඖෂධ බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් තමන් සහතික වන බව ඒ මහතා පෙන්වා දෙනු ලැබීය.
ඖෂධ හිඟය පිළිබඳ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා පෙන්වා දුන්නේ වර්තමානය වන විට වැදගත් සාධකය වන්නේ මධ්‍යම බෙහෙත් ගබඩාව නොව ජාතික ඖෂධ සංචිතය බවයි. දැන් ඖෂධ හිඟයක් මෙරට නොපවතින අතර ජාතික ඖෂධ සංචිතය මගින් එම සියලු අවශ්‍යතා කඩිනම්න් සපුරාලනවා සේම අදින් ඇරඹෙන විශේෂ ඒකකය මගින් එම සේවාව තව තවත් කාර්යක්ෂම වන බවද වෛද්‍යවරයා පෙන්වා දෙනු ලැබීය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කෙරුණු මෙම ඒකකය පාර්ශව 4ක් හරහා සංවිධාන වනු ඇත. සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය, වෛද්‍ය සැපයීම් ඒකකය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ජාතික ඖෂධ තත්ව නියාමන අධිකාරිය එම පාර්ශවයන් වේ.
මෙම මාධ්‍ය දැනුම්වත් කිරීමේ අවස්ථාවට වෛද්‍ය සැපයීම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ඒ. ටී. සුදර්ශන මහතා, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ඩී. ආර්. කේ. හේරත් මහතා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූමි මොහොමඞ් මහතා සහ එහි කළමණාකාර අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්. වයි. කේ. විල්ෆ්රඞ් මහතා එක්ව සිටියහ.