සමහර පූද්ගලයින් ලෝක වාර්තා පිහිටූවීම සඳහා ටොන් ගණනාවක් බර දුම්රිය ගැල් ඇදගෙන යනවා. ඒ වගේම ලොරි, ජීප් රථ වගේ බර වාහන අදිනවා. ඔවූන් මෙතරම් බරක් ඇදගෙන යන්නේ කොහොමද?
මෙතැනදී වාහනයේ හෝ දුම්රිය ගැලේ බර විශේෂයෙන් වැදගත් වෙන්නේ නැහැ. බර දැනෙන්නේ පොළොවට ලම්බකවයි. ඒ කියන්නේ දුම්රිය ගැලක් ටොන් එකක් බරයැයි කීමේ තේරුම වන්නේ දුම්රිය ගැලෙන් පොළොවට ටොන් එකක බරක් යෙදවෙනවා යන්නයි. එහෙම නැතුව පොළොවට සමාන්තරව, එනම් දුම්රිය ගැල ඇදගෙන යන දුම්රිය මාර්ගය ඔස්සේ මේ බර දැනෙන්නේ නැහැ. ඒ අනූව ටොන් එකක බරක් ඔසොවනවා කියන්නෙත් ටොන් එකක බරක් ඇදගෙන යනවා කියන්නෙත් එකිනෙකට වෙනස් වැඩ දෙකක්.
මෙයින් පොළොව ඔස්සේ ටොන් එකක බරක් ඇදගෙනයාම, ටොන් එකක බරක් ඔසොවනවාට වඩා පහසූයි.
එහෙත් දුම්රිය ගැලක් හෝ වෙනත් එවැනි බර වාහනයක් පොළොව ඔස්සේ ඇදගෙන යාම පටන්ගන්නත් යම් නිශ්චිත බලයක් ඕනෑ කරනවා. එය, සාමාන්‍ය කෙනකුට එකවිට යොදවන්නට අපහසූ බරක්. ඒ තේරුමින් දුම්රිය ගැලක් ඇදගෙන යන මිනිසකු විශේෂ කෙනෙක් කියා කියන්න පූළුවන්.
මෙහිදී ඔහූ යොදන බලයෙන් කොටසක් නිශ්චල දුම්රිය ගැල චලනය වෙන්නට යෙදවෙනවා වගේම අනෙක් කොටය දුම්රිය මාර්ගයත්, දුම්රිය රෝදත් අතර ඝර්ෂණය අඩූ වන්නට යෙදවෙනවා.
දුම්රිය මාර්ගයත්, දුම්රිය රෝදත් ලෝහ වලින් නිමවා තිබෙන නිසාත් ඒවා එකිනෙකට හොඳින් ඇතිල්ලී මැදී තිබෙන නිසාත්, ඒ අතර ඝර්ෂණය අඩූයි.
ඒ නිසා මහ පාරක් දිගේ ජීප් රියක් හෝ ට්‍රැක්ටරයක් හෝ ඇදගෙන යනවාට වඩා පහසූවෙන් දුම්රිය මාර්ගය දිගේ දුම්රිය ගැල් කීපයක් ඇදගෙන යන්නට පූළුවන්කම තිබෙනවා.