ලොකු මිනිස්සුන්ට බඩු ගන්නට “සුපර් මාකට්” සෑම නගරයකම ඇත. ඔවුහු සතියකට දෙකකට සෑහෙන්නට ඒවායින් බඩු ගෙන යති.
පොඩි මිනිසුන් නිතරම බඩු ගන්නේ සිල්ලර බඩු කඩවලිනි. ඒ කිලෝ ගණන්වලින් නොව ග්‍රෑම් ගණන්වලිනි. ඒ ද නැති බැරිකමටයි. ඒත් මේ නැතිබැරි මිනිසුන් තවත් නැත්තටම නැති කරන්නට සිල්ලර කඩ මුදලාලිලා සෑදි පැහැදී සිටිති. එසේ කියන්නේ හේතුවක් ඇතිවයි. කඩයෙන් කඩයට බඩුවල මිල ගණන් වෙනස් කරන්නේ මුදලාලිලා යි. පාන් රාත්තල එක් කඩයක රුපියල් 55 ක් වෙද්දී තවත් තැනක 60 කි.
තවත් තැනක 65කි. සමහර විට එතැන පාන් රාත්තලක්ම තිබෙන්නේ දැයි සැකය. සමහර විට පාන් භාගයක් ගන්නට ගිය කළ පාන් ගෙඩිය දෙකට කැපෙන්නේ අසමානවය. නිතරම මිලදී ගන්නා පාන් බාගය පෙනුමින් අඩුය.
එමෙන්ම සීනි, පිටි, පරිප්පු, ළුෑනු, මිරිස්, හාල් පවා එසේ ය. බිත්තර සම්බන්ධව කියන්නට ඇත්තේ ද එවැනිම කතාවකි. බිත්තර කඩවලින් තේරෙන කුඩා ප්‍රමාණයේ බිත්තර අඩු මිලට ගෙන එන ඇතැම් කඩ මුදලාලිලා ද ඒවා වැඩි මිලට මිනිසුන්ට විකුණති. මේ සියල්ල බලපාන්නේ එදා වේල පිරිමහ ගන්න බඩු ගෙන යන මිනිසුන්ට ය. වැඩිපුර රුපියල දෙක හෝ වැය වන්නේ දුප්පත් මිනිසාගේ සාක්කුවෙනි. පොහොසත් වන්නේ කඩ මුදලාලි ය.
මට ඇති ප්රශ්නය මෙයයි. මිල පාලන දෙපාර්තමේන්තුව කියා එකක් ගැන මා අසා ඇත. එයින් මෙවන් වෙළෙඳුන්ට විරුද්ධව ක්‍රියා කරනවා යැයි කියා ද අසා ඇත්තෙමි. ඇත්තටම එවන් නීතියක් අප රටේ ක්‍රියාත්මක වෙනවාද?
උඩුදුම්බර – නයනා
පාරිභෝගික අධිකාරියේ සභාපති සරත් විජේසිංහ මහතාගේ පිළිතුර
එක එක භාණ්ඩවලට එක එක මිල ගණන් තියෙන බව ඇත්ත. අද තියෙන සංකල්පය බඩු මිල පාලනය නොවේ. බඩු මිල නිරීක්ෂණය කිරීම සහ නිරීක්ෂකයෙක් වශයෙන් කටයුතු කිරීමයි. මෙයට බලතල තියෙන්නේ පාරිභෝගික අධිකාරියටයි.
බිත්තරයක වැනි ඒවායේ මිල පාලනය කර නැත. නමුත් මේ හැම භාණ්ඩයකම ප්‍රමිතිය, බර, සෞඛ්‍යදායී බව සහ මිලේ ප්‍රදර්ශනයක් අත්‍යවශ්‍යයි.
කරුණාකර ඔබගේ ප්‍රදේශයේ පාරිභෝගික සමිතියක් පිහිටුවාගෙන අප සමග ලියාපදිංචි වන්න එවිට ඔබගේ ප්‍රශ්න සමග අප ඔබත් සමග ඉදිරියට එනවා.
අපි ඉල්ලා සිටිනවා පාරිභෝගික ජනතාවගෙන් ඒ සියලු ප්‍රශ්න අපට යොමු කරන්න කියලා.
ලිපිනය, පාරිභෝගික අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඹ 2
දුරකථන අංක 0112445895, 0112 393577, ෆැක්ස් :- 0112399148