ඇසිපිය ගැසීම අපි කලින් හිතා මතා කරන කටයූත්තක් නොවෙයි. එය ඉබේම සිදුවන ඒ කියන්නේ අනිච්ඡානූග ක්‍රියාවලියක්.අනිච්ඡානූග ක්‍රියාවක් කියන්නේ මොළයේ මැදිහත්වීමක් නැතිව, සූසූම්නාවෙන් විතරක් පාලනය වෙන ක්‍රියාවලියක්. මෙතැනට මොලයේ මැදිහත්වීමක් නැති නිසා එය අපට දැනෙන්නේ නැහැ. සූසූම්නාවේ මැදිහත්වීම නිසා එය නියමිත රිද්මයකට වෙනවා. ඇසිපිය දෙකම පියවෙන්නට ඕනෑ කරන ස්නායූ ආවේගය එකවර එකම තී්‍රවතාවයෙන් යූක්තව සූසූම්නාවෙන් උපදින නිසා ඇසිපිය දෙකම ඇරෙන්නේත් වැහෙන්නේත් එකම වේලාවටයි.
එහෙත් යම් වේලාවක අපට මොළයෙන් වූවත් මේ අනිච්ඡානූග ක්‍රියා පාලනය කරන්නට පූළුවන්. ඒ නිසයි අපට ඕනෑ නම් ඒ ඒ විදිහට ඇසිපිය ගසන්නත් පූළුවන් වී තිබෙන්නේ.