Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන නීතිගත කරන්න

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෑම මැතිවරණයක දී ම දේශපාලකයෝ බොරු ‍පොරොන්දු දෙති. වඩාත් ආකර්ෂණීය ලෙස ‍පොරොන්දු දුන් අය වැඩි ඡන්දයෙන් බලයට පැමිණෙති. එහෙත් ‍පොරොන්දු නම් ඉටු වූයේ නැත. ඉටුකිරීමට උවමනාවක් ද නැත. ඒ මදිවාට මේ ‍පොරොන්දු ගැන විමසන විට ඇතැම් දේශපාලකයෝ ජනතාවට කෝචොක් කරති.ජනතාවගේ පරමාධිපත්‍ය බලයෙන්, බලයට පැමිණි රජයකට මේ තරමට ජනතාව හෑල්ලු කිරීමට අයිතියක් නැත. මේ රටේ බුද්ධිමත් ජනතාවක් ද සිටී. එහෙත් පවතින නීතියෙ ඇති යම් යම් අඩුපාඩු නිසා මේ බුද්ධිමතුන්ට ද කිසිවක් කිරීමට නොහැක.

පාර්ලිමේන්තු නියෝජිතවරුනි, මේ වැරදි තවත් සිදු නොවීමට කළ යුතු ක්‍රියාවක් දෙකක් ඇත. මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය නීති ගත කරවන්න. එවිට තම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිට යම් අගතිගාමී ක්‍රියාවක් රජය කළහොත් එයට විරුද්ධ ව ඕනෑම පුරවැසියෙකුට නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකියි.

දෑ හිතකාමීයෙක් ඔය රාජ සභාවේ ඇත්නම් වහාම පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර මේවා සම්මත කර ගන්න

තිලකා රන්දෙනි

Scroll to Top