Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගුවන් යානයක් බර උහූලාගෙන අහසේ ගමන් කරන්නේ කොහොමද ?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගුවන් යානයක් බොහෝ බර උහූලාගෙන අහසේ ගමන් කරන්නේ කොහොමද ? ඒ වගේම අහසට නැගි ගුවන් යානයක් නැවත පොළොවට පහත් කිරීමේදී එහි උස හා වේගය අඩූ කරන්නේ කොහොමද ?

ගුවන් යානයක් පොළොවෙන් ඉහළට ගමන් කරන්නේ වායූගෝලය මගින් ඇති කරන තෙරපූම් බලය උපකාරයෙන්. ගුවන් යානයක් අහසට නංවන්නට කලින් එය ගුවන් පථය දිගේ වේගයෙන් ගමන් කරනවා. මේ වේගයත් සමගම ගුවන් යානය වටා තිබෙන වායූ පටලයත් වේගයෙන් චලනය වෙනවා. මේ අයූරින් වායූගෝලය තුළ වේගයෙන් චලනය වෙන වස්තුවක් වේ නම් ඒ වස්තුව මගින් පොළොවට යෙදවෙන බලය (බර) ඉක්මවන තරමට වායූගොලීය පීඩනයෙන් ඉහළට තෙරපූමක් ඇතිවෙනවා. මෙසේ ඇතිවන තෙරපූම භෞතික විද්‍යාවේදී විස්තර කෙරෙන්නේ බර්නූලි සිද්ධාන්තය නම් න්‍යාය මගින්.

එයට අනූව ගුවන්යානයේ හැඩය වැනි අනාකූල හැඩයක් ඇති වස්තුවක් වායූ මාධ්‍යයක් තුළ චලනය වන විට ඒ වස්තුවට ඉහළින් වායූ කලාපයේ පීඩනය හෙවත් තෙරපූම අඩූ වෙනවා. එසේම එම වස්තුවට පහළ කලාපයේ පීඩනය හෙවත් තෙරපූම වැඩි වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ගුවන් යානයට යටින් ඉහළ දෙසට පීඩනයක් හෙවත් තෙරපූමක් ඇති වීමයි. ගුවන්යානයේ වේගය වැඩි වෙන්නට වැඩි වෙන්නට මේ විදියට ඉහළට යෙදවෙන බලය වැඩිවී ගොස් එක්තරා මොහොතක ඒ බලය ගුවන් යානයේ බර ඉක්මවා යනවා. ඒ මොහොතේම ගුවන් යානය අහසට නගිනවා.

ඉතින් ගුවන්යානය පොළොවට පහත් කරන්න ඕනෑ වූණාම කරන්නේ එහි වේගය අඩූ කිරීමයි. එවිට වායූගෝලීය තෙරපූම අඩූවී එය පොළොවට ළඟා වෙනවා.

Scroll to Top