නවසිලන්තයට එරෙහි තරඟ දෙකම පරාජයට වීම පිළිබඳව බෙහෙවින් කණගාටු වන බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයාගෙන් සමාව ඉල්ලා සිටින බව 20 -20 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක නිරෝෂන් දික්වැල්ල පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම තරඟවදින්නේ පරාජය පත්වීමට නොව සෑම අවස්ථාවකදීම ජයග්‍රහණය කිරීමටත් තරඟ කිරීමේ අසීරුතාව දැනෙන්නේ ක්‍රීඩකයාට යැයි නවසීලන්තයට එරෙහිව ඊයේ (03) පැවති දෙවන තරගයෙන් අනතුරුව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැති මාධ්‍ය හමුවේ දී මේ බව ප්‍රකාශ කළේය.
පන්දු රැකීමේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් දවා ගැනීමට තිබුණු අවස්ථා කිහිපයක් මඟහැරීම මෙම තරග පරාජය වීමට එක් ප්‍රධාන හේතුවක් විය හැකි යැයි ඒ නිරෝෂන් දික්වැල්ල තවදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
අපේ කණ්ඩායම නවසීලන්තයට එරෙහිව තරග දෙකම ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා. අවසන් පන්දු වාරයේදී තරගය පරාජය වීම පිළිබඳව කණගාටුවට පත් වෙනවා.
ඊයේ පැවති තරගයේදී පින්න සහ වැස්ස ක්‍රීඩාංගණයට පත් වුණේ නැහැ. ඒ නිසා ඉතා හොඳින් පන්දුව දඟ කැවී පන්දු යවන්නන්ට වාසිසහගත වෙතැයි අපි අපේක්ෂා කළා.
එවැනි තත්වයක් යටතේ අකිල ධනංජය කඩුලූ තුනක් ලබා ගත්තා. එනමුත් ජයග්‍රහණය කිරීමට තිබුණු අවස්ථාව අපට ගිලිහී ගියා යැයි කණ්ඩායම් උපනායක නිරේෂන් දික්වැල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.