බුදු පියාණන් වහන්සේ මුළු ලොවටම උතුම් දහමක් හඳුන්වා දීම නිසා ලෝකයේ සදා පූජනීයතවයට පත් වූවාක් නේ ම ශ්‍රී ලංකා වාසීන්ට මේ උතුම් දහම හඳුන්වා මිහිඳු මාහිමියන් වහන්සේ ඒ තරමටම වැදගත් සේ සලකනු ලබයි. අප මිහිඳු මාහිමියන් හඳුන්වනුයේ ‘අනුබුදු’ උප පදය ද පෙරටු කොටය. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨතම අධිරාජයා ලෙසට සලකනු ලබන අශෝධ මහාධිරාජයාගේ දායකත්වයෙන් පැවති තුන්වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රධාන රටවල්09කට ධර්ම දූතයන් වහන්සේ ලා යැවූ බව අපේ වංසකතා සාහිත්‍යය සඳහන් කරයි. ඒ අතරින් අනෙක් හැම රටකටම වඩා විශේෂත්වයක් ශ්‍රී ලංකාව දක්වා තිබූ බවට නොයෙකුත් සාධක හමු වේ.
ලක්දිව එවක රජ කළ තිස්ස රජු, දම්සෝ අධිරාජයාගේ ඇරයුමෙන් නැවත වරක් අබිසෙස් ලබා “දෙවන පිය” යන උප පදය එතුමාගේ නම මුලට එක් කර ගත් බව අපේ මූලාශ්‍ර සඳහන් කරයි. එසේ ම ධර්මාශෝක අධිරාජයගේ පුතණුවන් වහන්සේ වූ මිහිඳු මහ රහතන්වහන්සේත් දියණිය වූ සංඝමිත්තා මහ රහතන් මෙහෙණින් වහන්සේත් ශ්‍රී ලංකාවට එවීමට තරම් එතුමා ත්‍යාගශීලී වීම අපේ භාග්‍යයකි.
මෙම ධර්මදූතයන් වහන්සේලා සමග පැමිණි අනෙක් දූත පිරිස ද, විශේෂයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවත් සමග, බෝධින්වහන්සේ ගේ උපස්ථානයට මෙහි පැමිණි දහ අට කුලයකට අයත් ශිල්පීන් විසින් එවකට භාරතයේ ප්‍රකටව පැවති මෞර්ය සංස්කෘතිකාංගයන් සියල්ලම රැගෙන පැමිණියාට කිසිදු සැකයක් නැත.
මහින්දාගමනයටත් පෙර සිටම යම් පණිවුඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමයක් තිබෙන්නට ඇත. එහෙත් එහි ක්‍රමානුකූල හැඩගැස්මක් සැකසුනේ මහින්දාගමනයෙන් පසුව බව පෙනී යයි. එය සමහර විට එවකට ඉන්දියාවේ පැවති ප්‍රකෘත විශේෂයක් විය හැකිය. මහින්දාගමනයත් සමගම එම භාෂා විශේෂය ඉක්මනින් සංවර්ධනය වී නොබෝ කලකින්ම පෙළ, අටුවා, ටීකා වශයෙන් විශාල සාහිත්‍යයක් නිර්මාණය වීමට තරම් පොහොසත් බවට පත්විය.
ගෘහ නිර්මාණ ශිල්පය ගැන සලකන විට ද විශාල දියුණුවක් මෙවකට තිබු බවත් හෙළි නොවන්නේ මිහිඳු මාහිමියන් වහන්සේ ප්‍රමුඛ පිරිසට නවාතැන් සපයා දීම සඳහා සකස් කරන ලද ගොඩනැගිල්ල ඒ අවස්ථාවේ ම සකස් කොට මැටි ගසා හුළු එළි ආධාරයෙන් වියලා ඒ නිසාම ‘කාලප්‍රසාද’ නම් වූ ගොඩනැගිලිවල නවාතැන් සපයා දීමට සිදුවීමෙනි. එහෙත් නොබෝ කලකින් ම දෙවන පෑතිස් රජතුමා සහ මිහිඳු මාහිමියන් වහන්සේ එක්ව අනුරාධපුරයේ මහවෙමුනා උයනෙහි අටමස්ථාන සනිටුහන් කරමින් ශාසනය මුල් බැස ගැනීමට අවශ්‍ය ගොඩනැගිලි සියල්ල ස්ථාන ගත කළ ආකාරයෙන් ඇති වූ දියුණුව පෙනී යයි.
එමෙන්ම සියවස් තුනක් තුළ අදත් ලෝකයේ විස්මිත ගොඩනැගිල්ලක් ලෙස සැලකිය හැකි රුවන්මැලි මහසෑ-රදුන් ප්‍රධාන කොට අභයගිරිය, ජේතවන ආදි චෛත්‍ය සමූහයත්, නවමහලක් හෝ මහල් කීපයකින් හෝ යුත් ලෝවාමහා ප්‍රසාදයත් ගැන සිතන විට අපේ ගෘහනිර්මාණ ශිල්පය කෙරතම් මහාපරිමාණ ගොඩනැගිලි ඉදි කිරීම් සම්බන්ධයෙන් ලබා ගත් දියුණුව පෙනී යයි. තවත් අතකින් බලන විට වැසිකිළි, කැසිකිළි ආදියෙන් බැහැරවන අපද්‍රව්‍ය පවා මහ පොළොවට නිකරුනේ ගලා බැසීමට ඉඩ නොසලසා නවීනතම සෞඛ්‍ය සංරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් යාබද නානකාමර වැසිකිළි සහිත ගොඩනැගිලිවල නටබුන් අද පවා දක්නට ඇත.
චෛත්‍යයක ඇති ලම්බාකාර හැඩය ජලා පවහනය කරන කානු පද්ධති ආදිය පමණක් නොව අනුරපුර ජූපා නගරයේ ඇති ගොඩනැගිලි සමූහයේ නටඹුන් විමසන විට දහස් ගණනක වාසස්ථානයට වෙන් වූ මෙම පූජනීය ස්ථාන කෙලෙස ගොඩ නැංවූවාද යනු අදත් සිතා ගැනීමට අපහසුය.
සිය දහස් ගණන් භික්ෂූන් වහන්සේලා දන් වළඳන දාන ශාලා මෙන්ම උන්වහන්සේලා ප්‍රතිකාර ලැබූ ආරෝග්‍යශාලාවල නටබුන් වලින්ද පෙනෙන්නේ සංවිධානාත්මක සමාජයකට අවශ්‍ය අංගෝපාංගවලින් මෙම ආරාම සංකීර්ණ සම්පූර්ණ ව පැවති බවයි.
ලී කැටයම් කලාවගැන සඳහන් කළත් ඒවායේ නෂ්ටාවශේෂ දැකගන්නට නොහැක්කේ ස්වභාවික විපත්වලින් මෙන් ම කාලයාගේ ඇවෑමෙන් ඒවා දිරාපත් වීම නිසාය. එහෙත් ථූපාරාමයේ හා ලෝවාමහාපායේ හා තිලක්කගම ඇති ගල්කණු වලින් පෙනෙන්නේ ලංකාවට ආවේණික වූ ච්ෙතිඝර හා බෝධිඝර ක්‍රමයක් හා තට්ටු ගොඩනැගිලි මෙහි පැවති බවයි. එසේම ඇත්, අස්, ගොන් වාහන ගැන සඳහන් වීමෙන් පෙනෙන්නේ රාජ රාජමහාමාත්‍යාදීන් තම තරාතිරමට අනුව දේශීය වශයෙන් නිෂ්පාදිත රථ පාවිච්චි කළ බවයි.
ලේඛන කලාව ගැන සලකා බලන විට සෙල්ලිපි සාධක පමණක් නොව හෙළටුවා සාහිත්‍යයක් ගැන සඳහන් වීමෙන් පෙනෙන්නේ මේ උතුම් ධර්මය විස්තර කොට ලිවීමට තරම් සිංහල භාෂාව පොහොසත් තත්ත්වයකට පත්ව තිබිමයි. එසේ ම සීගිරි කැටපත් පවුරේ ලියා ඇති ගීවලින් පමණක් නොව දොළොස් මහා කවීන් ගැන සඳහන් වීමෙන් ද පෙනෙන්නේ සාහිත්‍යයක් වශයෙන් මනා දියුණුවක් ලබා තිබූ බැවය.
මූර්ති කලාව සම්බන්ධයෙන් වුවද මේ කාලයේ පැවති දියුණුව ඉන්දු සංස්කෘතියෙන් ඇති වූ බලපෑමෙන් වූවා යැයි සැලකිය හැකිය. සාංචි තොරණේ ඇති කැටයම්වලින් ලක්දිවට ශ්‍රී මහා බෝධිය වැඩමවීමේ පුවත සටහන් වී ඇත.
ශ්‍රී ලංකාවේ ද වාහල්කඩවල ඇති ගල්පුවරුවලත් කණ්ඨක ෙචෙත්‍යයේ නැගෙනහිර වාහල්කඩෙහි ඇති කැටයම් ද පසුකාලීනව සාංචිතොරණ වැනි ප්‍රවේශද්වාරවල ද මේවා දක්නට ලැබේ. ඉන්දියාවෙන් මේ ශිල්ප කලා පැමිණියත් ශ්‍රී ලංකාවටම ආවේණික සරල ශිල්පීය ක්‍රම ලෙස දියුණුවට පත් වී ඇත. මේ සඳහා අපේ ප්‍රතිමාඝරවලට පිවිසෙන පියගැට පෙළ පාමුල දක්නට ලැබෙන අර්ධ කවාකාර ගල්තලය දේශීය කැටයම් ශිල්පියාගේ දස්කම් කියා පෑම සඳහා හොඳ උදාහරණයකි.
සසර දුකින් එතෙරවීම පිළිබිඹු කරන මෙහි විදේශීය වස්තුන් නොව දේශීය වශයෙන් දක්නට ලැබෙන හංස පන්තිය, ලියවැල එකිනෙක පසුපස දිවෙන ඇතා, ගවයා, සිංහයා, සහ අශ්වයා යන සත්ව පන්තියත් ගිනිදැල් ආදිය නිමවා ඇත්තේ හැඩිදැඩි ගල් කුළුවලින් වුවද, බුදුදහමේ එන ශාන්ත පණිවුඩය කියා පෑමට සමත් පණිවුඩයක් රැගත් භව චක්‍රයයි. මෙය ඉන්දියාවේ සඳකඩ පහණට වඩා එහි ඇති සතුන්ගෙන් පමණක් නොව පණිවුඩයෙන් ද සඳහන් වේ.