Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බිරිඳට ඇති ආදරය නිසාම ඇයට දිවි නසාගන්නට උදව් කිරීමට සැරසුන ස්වාමිපූරුෂයෙක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලෝකයේ නන් දෙසිින් අපිට වරින් වර “අමූතු” කතන්දර අහන්න ලැබෙනවා. මේත් ඒ වගේ “අමූතු”හා අනූවේදනීය කතාවක්. අපි මේ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය ජෙනී මහත්මිය ලෙස හඳුන්වමූ. ඊට හේතුව උසාවි නියෝගයකට අනූව ඇගේ සැබෑ අනන්‍යතාවය මාධ්‍යවලට හෙළි වී නොතිබීමයි

ජෙනී 1997 සිට  මොළයේ රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. දැන් ඇගේ රෝගය බරපතල වී ඇති අතර මෙම රෝගය නිසා ඇය දැඩි ශාරීරික වේදනාවක් විඳින බව සඳහන්. ඒ වේදනාව දරා ගැනීමට අපහසූ නිසාම ජෙනී ජීවිතය නැතිකර ගැනීමටත් උත්සාහ කළා. නමූත් දැන් ඇය ඉන්නේ එය පවා තනිවම කර ගත හැකි තත්ත්වයක නෙමෙයි.

තම බිරිඳ විඳින වේදනාව බලා සිටිය නොහැකි තැන ඇගේ සැමියා ඉතාම අනූවේදනීය තීරණයකට එළඹූණා. එනම් ඇයට සිය දිවි නසාගැනීමට උපකාර කිරීමට තීරණය කිරීමයි. නමූත් එංගලන්තයේ නීතියට අනූව සියදිවි නසාගැනීමට කෙනකුට උපකාර කිරීම යනූ අවූරුදු 14 කට සිරගෙට යැවිය හැකි අපරාධයක්.

කොහොම වූණත් ජෙනීගේ සැමියා තම බිරිඳට සිය දිවි නසාගැනීමට හැකිවනූ පිණිස ඇයව වෙනත් රටකට ගෙන යාමට තමාට ඉඩ දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා. නමූත් එම ඉල්ලීම ඉටූ නොවූණූ අතර ඔහූගේ උත්සාහය වළක්වමින් අතුරු තහනම් නියෝගයක් පැනවූණා. කොහොම වූණත් මේ ප්‍රශ්නය දෙස නැවතත් සානූකම්පිතව බැලූ අධිකරණය දෙවන වරට සැමියාගේ ඉල්ලීමට කන්දෙමින් එසේ වෙනත් කෙනෙකුගේ ආධාර ඇතිව සියදිවි නසා ගැනීමට කෙනකුට අවසර ඇති ස්විටිසර්ලන්තයට තම බිරිඳව රැගෙන යාමට ඔහූට ඉඩදී තිබෙනවා.

දිවි නසාගැනීමට එංගලන්ත නීතිය තුළ ඉඩක් නැති නිසා ස්විටිසර්ලන්තයට ගොස් දිවි නසාගැනීමට ජෙනී තීරණය කොට තිබෙනවා. නමූත් තනිවම එය ඉටූකර ගැනීමට නොහැකි නිසයි ඇය තම සැමියාගේ උදව් පතන්නේ. මෙහිදී අතුරු තහනම් නියෝගය ඉවත් කරමින් විනිසූරුවරයා පවසා ඇත්තේ මෙම සැමියා පිළිබඳව තීරණයක් ගැනීම පොලිසියට අයිති රාජකාරියක් බවයි. දැනට ජෙනීගේ සැමියා සමග එකතුව රෝගී ඇයව බලාගන්නේ පළාතේ සමාජ සේවා ආයතනයේ බලධාරීනූයි.

තමාට වේදනාව දරාගත නොහැකි නිසා සියදිවි නසාගැනීමට අවශ්‍ය බව මූලින්ම ජෙනී පැවසූ අවස්ථාවේ ඇගේ සැමියා ඊට එකඟ වෙලා නැහැ. නමූත් දිනෙන් දින ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වෙද්දී ඔහූ මෙබඳු බරපතල රෝගියකු සියදිවි නසාගැනීමට අවසර ඇති ස්විටිසර්ලන්තයට යාම පිළිබඳව තොරතුරු විමසා තියෙනවා.

කොහොම වූණත් එංගලන්ත නීතිය තුළ එංගලන්ත වැසියකු වෙනත් රටකදී සියදිවි නසාගැනීමට උපකාර කිරීම සම්බන්ධයෙන් කෙනකුට දිය හැකි දඬූවමක් ගැන සඳහන් වී නැහැ. ඉහත අතුරු තහනම් නියෝගය ඉවත් කළ අවස්ථාවේ විනිසූරුවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ තමාට අවශ්‍ය තීරණ ගැනීමේ හැකියාව ජෙනී සතු බව හා ඊට විරුද්ධවීමට අයිතියක් අධිකරණයට නැති බවයි. කෙසේ වූවද ස්විටිසර්ලන්තයට යාමට කටයූතු සම්පාදනය කිරීම මගින් ජෙනීගේ සැමියා 1961 සියදිවි නසාගැනීමේ පනතේ 2 වැනි වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් කර ඇති බවට තර්ක කළ හැකි බවද ඔහූ පවසනවා.

මෙම යූවළ මූලින්ම ජෙනීගේ සියදිවි නසාගැනීම සඳහා ස්විටිසර්ලන්තයට යාමට කටයූතු සූදානම් කරද්දී ඒ බව පොලිසියට දන්වා ඇත්තේ පළාතේ සමාජ සේවා ආයතනයේ බලධාරීන් විසිනූයි. මෙම ආයතනයේ නිලධාරිනියක පවසා තිබූණේ මෙම “අතුරු තහනම් නියෝගය” ඉවත් කිරීම මගින් බොහෝ “ප්‍රතිඵල” අත් වන බවයි.

නීතිය බිඳ දැමීමක් සිදු වූණත් මෙම පූද්ගලයාව අත්අඩංගුවට නොගැනීම විශේෂ සිදුවීමක්. මෙම තීන්දුව මගින් තම ජීවිතය පිළිබඳ තමාට ඇති අයිතිය ප්‍රබල බව වැටහෙනවා. මෙබඳු තත්ත්වයකදී සාධාරණ හේතු මත සිය දිවි නසාගැනීමට කෙනකුට උදව් කරන්නකුට පොලිසිය හරහා වූණත් නඩූ පැවරීමක් සිදුවෙන එකක් නැහැ ඇය කියනවා. කෙසේ වූවද මේ පිළිකුල් නීති තවමත් අවූල් සහගත නිසා ඉදිරියේදී වැඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය බවයි මෙම නිලධාරිනිය කියා තිබූණේ.

නමූත් මෙම තීන්දුවට තරයේම විරුද්ධ වන “රයිටි ටූ ලයිෆ්” (ජීවිතයට අයිතියක්) සංවිධානයේ විධායක අධකෂිකා ෆිලිප් බෝමන් කියන්නේ තම ආයතනය මේ ගැන තොරතුරු පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කරන බවයි.

රෝගයකින් බරපතල ලෙස පිඩා විඳින අයකු යම් මොහොතක තමා තව දුරටත් ජීවත් විය යූතු නැති බව සිතීම ස්වාභාවිකයි. විශේෂයෙන් තම ජීවිතය බෙහෙවින් ක්‍රියාකාර ලෙස ගෙවූ අයකු මෙබඳු තත්ත්වයකට පත් වූ විට තවදුරටත් ජීවත් වී ඵලක් නැති බව ඔවූන්ට සිතෙනවා. එසේම තම රෝගියා විදින අධික වේදනාව ගැන හැගීමක් ඇති වෛද්‍යවරුන් තුළද ඔවූන්ට ජීවිතය අවසන් කරගැනීමට ඉඩ දීමේ උවමනාවක් ප්‍රබලව නැගෙන බවයි බ්‍රිතාන්‍ය වෛද්‍ය සංවිධානයේ වෛද්‍යවරියක් පවසන්නේ.

මෙසේ දැඩි වේදනාවෙන් පීඩිතව සිටින පූද්ගලයින්ට තම ජීවිතය නැති කරගැනීමට උදව් කරන “ඩිග්නිටාස්” නම් ආයතනයක් ස්විටිසර්ලන්තයේ තිබෙනවා. මේ වන විට ඔවූන් පූද්ගලයින් 150 දෙනකුට පමණ ජීවිතය නැති කරගැනීමට අනූග්‍රහය දක්වා තිබෙනවලු. ස්විටිසර්ලන්තය තුළ දිවිනසාගැනීමට නීතියෙන් තහනමක් නැහැ. නමූත් ඉන් සිදුවී තිබෙන්නේ වෙනත් රටවල පූද්ගලයින්ද “සියදිවි නසාගැනීමේ සංචාරකයින්” ලෙස මෙරටට පැමිණීමයි.

මේ අතර පොලිසිය මගින් නැවතත් මේ යූවළට නඩූ පවරන්නේ නම් එය ප්‍රසිද්ධ අධිකරණයකදී විමසීමට ලක් කරන ලෙසට විනිසූරු ඉල්ලීමක් කොට තිබෙනවා. ඊට හේතුව ලෙස ඔහූ දක්වා ඇත්තේ මෙය “නිසියාකාර ලෙස ජනතාව අතර සාකච්ඡාවට බඳුන් විය යූතු විෂයයක්” බවයි.

කෙසේ වූවද ඉහත සිදුවීමට සම්බන්ධ කිසිවකුගේ නම් ගම් හෙළි නොකරන ලෙස ඔහූ පොලිසියට හා සමාජ සේවා ආයතනයට නියෝග කොට තිබෙනවා.

Scroll to Top