අම්මාවරු –
ජෙනිටා: ඔයා දන්නවද ප්‍රමිතා මගේ ලොකු අයිය ඉපදිලා තියෙන්න උතුරු ඇමෙරිකාවෙ, මද්දුම අයිය දකුණු ඇමෙරිකාවෙ, චූටි නංගි ඔස්ට්‍රේලියාවෙ, පොඩි අයිය සුමාත්‍රා දූපත්වල මම ඉන්දියාවෙ.
ප්‍රමිතා: හානේ එතකොට ලංකාවෙ එක අම්ම කෙනෙක්වත් ඔයාලට නෑ.
නිදි කිරුම –
බිරිඳ: නිදිමතයි කිය කිය පුටුව උඩ කිර කිරා ඉන්නැතුව ගේ ඇතුළෙ ඇඳට ගිහිං නිදා ගන්නවකො. මං දවල්ට කෑම උයල කතා කරන්නම්. මොකෝ අද කන්තෝරු දවසක්යැ.
සැමියා: ඒකම තමයි හාමිනේ ප්‍රශ්නෙ නිදි පල මාරු වුණාම නින්ද යාම හොරයි.
ගෙයක් දොරක් –
පෙම්වතා: ඔයාගෙ අම්ම හැමදාම මං එහේ ආවම අහන්නෙ මං ගෙයක් දොරක් හදාගෙන ඉවරද කියලනේ. ඔන්න ඒ ප්‍රශ්නෙන් බාගයක් ඉවරයි
පෙම්වතී: ආනේ ෂෝක් ඔයා බාගෙට ගෙයක් හදල ඉවරද?
පෙම්වතා: නෑ මට යාළුවෙකුගෙන් පරණ දොරක් හම්බ වුණා. දැන් අඩු ගෙයක් විතරයි.