බීමත්ව හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ පසු පැදිකරුවෙකුද සමග බලපත්‍ර සන්තකයේ නොමැතිව ධාවනය කරමින් තිබූ යතුරුපැදියක් සමග පැදිකරු අත්අඩංගුවට ගෙන මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 53000ක දඩයක් නියමකරන ලදි. සිය මිතුරාත් සමග අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී පසුව මත්පැන්ද පානයකර රාත්‍රියේම සිය යතුරුපැදියෙන් හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ ධාවනය කරමින් සිටියදී හතේකණුව ප්‍රදේශයේදී හෙම්මාතගම පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් පිරිසක් යතුරුපැදිය නවතා බලපත්‍ර පරික්ෂා කිරීමට අවශ්‍ය බව විමසූ විට පැදිකරු සිය බලපත්‍ර යතුරුපැදියේ තිබෙන බවත් එය රැුගෙන එන බවද පවසා සිය යතුරුපැදියද දමා අඳුරේම පලාගොස් ඇති බව පැවසේ
පසුව පසුපැදිකරු පරික්ෂා කිරීමේදී ඔහුගේ ඉනේ අරක්කු කාලේ ඇසුරුමක්ද තිබී ඇති අතර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට නොහැකි වීම නිසා හෙම්මාතගම පොලිසියට රැුගෙන යන ලදි පසුව පැදිකරු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේදී 23 හැවිරිදි හෙම්මාතගම ප්‍රදේශයේ තරුණයෙකු අත්අඩංගුවට ගෙන 27 වනදා මාවනැල්ල දිසා මහේෂ්ත්‍රාත් අධිකරණය ඉදිරියට පමුණුවන ලදුව ඉහත කී දඩය නියමකරන ලදි
හෙම්මාතගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක ඞී මෙෂාන් ඉන්දුකද සිලූවා මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ උ පො ප ගුණරත්න පො සැ 37657 ජයතිස්ස පො සැ 52519 ගාමිණි යන නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත