ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සැමරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
ශ්‍රීලනිපයට 68 යි. මටත් 68 යි. 68 කියන්නේ පරිණතයි. අපි යෝධ බල යෝධ ශක්තියක් යොදවා දේශපාලන පරිවර්තයක් කර 20 – 20 අලුත් ආණ්ඩුවක් හදනවා’ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.
තීන්දුව හරි අතට” යන්න තේමා කර ගනිමින් පැවති සමුථවට දිවයිනේ නන්දෙසින් විවිධ ජන කොටස් නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68වන සංවත්සර සමරු කලාපය සහ පක්ෂයේ ඉදිරි ප්‍රතිපත්ති මාලාව වන සුනිල ජනවාදය” මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
පාක්ෂිකයන් වෙනුවෙන් රක්ෂණාවරණය පිරිනැමීම සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දි.මූ ජයරත්න, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, යන මහත්වරුන් ඇතුථ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ රැසක් ද පක්ෂ නායකයන් ඇතුථ අනුබද්ධ සංවිධානවල නියෝජිතයන්, ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරු, විද්වතුන්, තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරින් ඇතුථ පිරිසක් මීට එක්ව සිටියහ.