උතුරු පළාතේ ක්‍රීඩකයින් දිරිගැන්වීම සඳහා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ පළාත් ක්‍රීඩා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ‘ආණ්ඩුකාර කුසලාන’ තරඟාවලියක් සංවිධානය කර ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයකට අනුව සංවිධානය කර ඇති මෙම තරගාවලිය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර ක්‍රීඩකයන් සඳහා වොලිබෝල් තරග සහ ක්‍රීඩිකාවන් සඳහා නෙට්බෝල් තරඟ පැවැත්වේ. තරගාවලිය සඳහා සහභාගී විය හැක්කේ උතුරු පළාතේ ලියාපදිංචි ක්‍රීඩා සමාජ වලට පමණක් සහ එක් ක්‍රීඩකයෙකුට නියෝජනය කළ හැකකේ එක් ක්‍රීඩා සමාජයක් පමණක් වීම තරඟ කොන්දේසි වේ. ජයග්‍රාහී ක්‍රීඩා සමාජවලට මුදල් ත්‍යාග පිරිනැමෙන අතර සහභාගී වූ සියලු දෙනාටම සහතික පත් නිකුත් කෙරේ.
තරඟාවලිය සඳහා අයදුම්පත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන් සහ උතුරු පළාත් සභා වෙබ් අඩවියෙන් ( https://np.gov.lk/ ) ලබා ගත හැකිය.
නිසි පරිදි සම්පුර්ණ කරන ලද අයදුම්පත සැප්තැම්බර් 09 වන දිනට පෙර ‘ආණ්ඩුකාර කුසලානය’, ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය, පරණ උද්‍යානය, චුන්දිකුලි, යාපනය වෙත යවන ලෙස අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.
වැඩි විස්තර සඳහා දුරකථන අංකය: 021 221 9375, ෆැක්ස් අංකය: 021 221 9374 හා [email protected]. යන විද්‍යුත් ලිපිනයෙන් විමසිය හැකිය.