ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කවුරු හෙබවුවත් දෙදහස් විස්ස ලෝක කුසලානයට මුහුණදීමට නම් වඩාත් සුදුසු සංචිතයක් නිර්මාණය වී තිබිය යුතු යැයි ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලංග ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලාබළ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුවත් ජාත්‍යන්තර තරඟවලදී ලාබාළ බව කිසිසේත්ම අදාළ නොවන බව නවසිලන්තයට එරෙහිව පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (01) දින ආරම්භවන පන්දුවාර විස්සයි විස්ස තරඟයට ප්‍රථමයෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.
කණ්ඩායම් නායකත්වය කවුරුන් දැරුවත් ඉදිරි තරඟ තුනේදී විස්සයි විස්ස තරඟ සඳහා හොද සංචිතයක් සකස් කිරීම සිය අපේක්ෂාව වන බව කී ලසිත් මාලංග තව දුරටත් මෙසේ කීවේය.
ඇතැම් විට ඔබ බලාපොරොත්තු නොවුණු අය කණ්ඩායමේ ඉදිරියට පැමිණෙන්න පුළුවන්. ක්‍රීඩකයෙකුගේ දක්ෂකම් උපරිම අයුරින් ලබාගෙන ලෝක කුසලානයට යාමට මෙන්ම ඔහුට සාධාරණයක් ලබාදීමටයි මම අපේක්ෂා කරන්නේ. මගේත්, තේරීම් කමිටුවේත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙත් බලාපොරොත්තු ඉටුවන ලෙස දක්ෂකම් වලට සරිලන සාධාරණයක් ඉටු කිරීමට මම අපේක්ෂා කරනවා.
නවසීලන්ත කණ්ඩායම සමග ක්‍රීඩා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඉහළ පහළ යාමක් සිදුවිය හැකි යැයි ද ලසිත් මාලිංග වැඩිදුරටත් සඳහන් කළේය.